IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


නයිජීරියාවේ සංචාරක නැවතුම්පොළකට එල්ල වූ ප්‍රහාරයකින් 30 ක් මරුට

නයිජීරියාවේ ඊසානදිග බෝර්නෝ පළාතේ ඉස්ලාම් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 30 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.

අධිවේගී මාර්ග නැවතුම්පොළක වාහන නවත්වාගෙන නින්දේ පසුවූ සංචාරකයන් පිරිසක් වෙත මෙම ප්‍රහාරය එල්ලවී ඇත.

මෙහිදී කාන්තාවන් සහ ළමයින් පිරිසක් පැහැරගෙන ගොස් ඇති බවද බලධාරීහු පවසති. 

වාහන වලට ගිනිතබා ඇති අතර බොහෝ පිරිසක් පිළිස්සි මියගොස් ඇත. පොලිසිය පවසන්නේ වාහන 18ක් ගින්නෙන් විනාශ වී ඇති බවයි.

ප්‍රාන්තයේ අගනුවර වන මයිදුගුරි වෙත ගමන් ගන්නා මාර්ගය සටන්කාමීන් වසා දමන බැවින් අගනුවරට කිලෝමීටර් 25ක් පමණ දුරින් පිහිටි අවුනෝ නගරයේ නවාතැන් ගැනීමට බොහෝ දෙනා පුරුදුවී සිටිති.

ප්‍රහාරය සඳහා සටන්කාමීන් ආයුධ සන්නද්ධව ට්‍රක් රථවලින් පැමිණ ඇති බව මූලික පරීක්ෂණ වලින් හෙළිවී තිබේ.

සටන්කාමීන් පරාජය කර ඇති බව නයිජීරියා රජය පැවසුවත් දිගින් දිගටම මෙවැනි ප්‍රහාර එල්ල වන බව මාධ්‍ය වාර්තා කර ඇත.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (0)

නයිජීරියාවේ සංචාරක නැවතුම්පොළකට එල්ල වූ ප්‍රහාරයකින් 30 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 505 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 324 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 476 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site