IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


චීන වැසියන්ට නිවෙස්වලට වී සිටින්නැයි නියෝග

නව කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ චීන රජය එරට වැසියන් මිලියන ගණනකට නිවෙස්වලට වී සිටින්නැයි නියෝග කර ඇත.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් මාරාන්තික කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 24කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබේ.

කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 500කට ආසන්න වී තිබෙන අතර ආසාදිතයන්ගේ සංඛ්‍යාව 24,324ක් දක්වා ඉහළ ගොස් ඇතැයි චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව සඳහන් කළේය.

චීනය මේ වනවිට වූහාන් නගරයට අමතරව තවත් නගර කිහිපයකටම සීල් තබා සම්පූර්ණ නිරෝධායනයකට ලක් කිරීමට ද චීන බලධාරීහු අද (5) පියවර ගත්හ.

නිවෙස්වලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගැනීම සඳහා දින දෙකකට වරක් එක් නිවසකින් එක් අයකුට පමණක් පිටතට යෑමට හැකි බව ද චීන රජය නිවේදනය කර ඇත. චීනයේ ඇතැම් පළාත්වල එය දින පහකට එක් දවසක් ලෙස නියෝග කර ඇත.

“කරුණාකර එළියට යන්න එපා, කරුණාකර එළියට යන්න එපා” යනුවෙන් ශබ්ද විකාශන මඟින් විකාශය කෙරෙන අතර චීන ජාතිකයන්ට මුඛ ආවරණ පැළැඳීම ද අනිවාර්ය කර ඇත.

ඒ.එෆ්.පී. 

055

 



අදහස් (1)

චීන වැසියන්ට නිවෙස්වලට වී සිටින්නැයි නියෝග

Mao Thursday, 06 February 2020 08:27 PM

එතකොට චීනේ කියන්නේ ඇයි ඇමෙරිකාව බොරු බියක් ප්‍රචාර කරනවා කියලා?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 754 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site