
ඉතාලියේ උතුරු ප්‍රදේශයේ ලොඩි ප්‍රාන්තයේ සීඝ්‍රගාමී දුම්රියක් පීලි පැනීමෙන් වූ අනතුරින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් මගීන් 28 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
අනතුරින් මියගොස් ඇත්තේ දුම්රියේ නියාමකවරුන් දෙදෙනාය.
ඉතාලියේ ජනපති සර්ජියෝ මටරෙල්ලා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශෝකය පළ කර ඇත.
අනතුර හේතුවෙන් එම ප්‍රදේශයේ සෙසු දුම්රිය ගමන් ප්‍රමාද වූ බව ඉතාලි දුම්රිය ජාලය බාර නිලධාරීහු කියාසිටිති.
දුම්රිය පීලිපනින අවස්ථාවේදී ගිනි නිවීමේ නිලධාරීන් සහ හදිසි ආරක්ෂක අංශ නිලධාරීන්ද එහි සිට ඇතැයි පැවසේ.
මෙම අනතුර සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
(සීඑන්එන් ඇසුරිනි)
16844
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතගේනේ හිටියේ ලංකාවේ විතරයි දුම්රිය පීලි පනින්නේ කියලා
යුරෝපයේ දුම්රිය අනතුරු බහුලවම සිදුවන්නේ එංගලන්තයේ වන අතර අඩුවෙන්ම සිදුවන්නේ ඉතාලියේ...