චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් මුදාගත් ඉන්දීය ජාතිකයන් 324 දෙනා නිරෝධායන මධ්‍යස්ථාන දෙකකට යොමු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත.
ඉන්දීය ජාතිකයන් මුදාගැනීම සඳහා ‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් යානයක් වූහාන් බලා පිටත් විය. ඉන්දීය ජාතිකයන් රැගත් එම යානය ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟාවිය.
ගුවන් තොටුපොළේ දී එම පිරිස මූලික පරීක්ෂාවකට ලක් කෙරුණි. මුදාගත් පිරිසෙන් වැඩි දෙනා සිසුන්ය. ඉන් අනතුරුව ඉන්දීය හමුදාවේ මැදිහත්වීමෙන් එම පිරිස නිරෝධායන මධ්‍යස්ථාන දෙකකට රැගෙන යන ලදි. දිල්ලිහි ඉන්දු-ටිබෙට් දේශසීමාවේ එම මධ්‍යස්ථාන පිහිටා තිබේ.
මුදාගත් කිසිවකුත් කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර නැතැයි ඉන්දීය බලධාරීහු ප්‍රකාශ කළහ.
නිරෝධායන මධ්‍යස්ථානවලදී මුදාගත් ඉන්දීය ජාතිකයන් වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවට ලක් කෙරෙන බවත් සති දෙකකට පසු ඔවුන් මුදාහරින බවත් ඔවුහු කීහ.
වූහාන් නගරයෙන් මුදාගත් ඉන්දීය ජාතිකයන් 324 දෙනාගෙන් 211 දෙනකු සිසුන් වන අතර 113 දෙනෙක් වෘත්තිකයෝය.
රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා හයදෙනකුට ඉන්දියාවට යෑමට චීන ආගමන විගමන නිලධාරීන් අවසර දී නැතැයි චීන බලධාරීන් උපුටා දක්වමින් පී.ටී.අයි. පුවත් සේවය වාර්තා කර තිබිණි. ඔවුන්ට වයිරසය ඇත්ද නැත්ද යන්න සොයාබැලීම සඳහා පරීක්ෂණ සිදු කළ යුතුව ඇත.
වූහාන් නගරයේ ඉතිරි ඉන්දීය ජාතිකයන් පිරිස රැගෙන ඒම සඳහා තවත් ගුවන් යානයක සෙනසුරාදා පස්වරුවේ චීනය බලා පිටත් විය.
හින්දුස්තාන් ටයිම්ස්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd