IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


වූහාන් නගරයේ සිටි ඉන්දීය ජාතිකයන් 324 ක් නිරෝධායන මධ්‍යස්ථාන දෙකකට

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් මුදාගත් ඉන්දීය ජාතිකයන් 324 දෙනා නිරෝධායන මධ්‍යස්ථාන දෙකකට යොමු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත.

ඉන්දීය ජාතිකයන් මුදාගැනීම සඳහා ‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් යානයක් වූහාන් බලා පිටත් විය. ඉන්දීය ජාතිකයන් රැගත් එම යානය ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟාවිය.

ගුවන් තොටුපොළේ දී එම පිරිස මූලික පරීක්ෂාවකට ලක් කෙරුණි. මුදාගත් පිරිසෙන් වැඩි දෙනා සිසුන්ය. ඉන් අනතුරුව ඉන්දීය හමුදාවේ මැදිහත්වීමෙන් එම පිරිස නිරෝධායන මධ්‍යස්ථාන දෙකකට රැගෙන යන ලදි. දිල්ලිහි ඉන්දු-ටිබෙට් දේශසීමාවේ එම මධ්‍යස්ථාන පිහිටා තිබේ.

මුදාගත් කිසිවකුත් කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර නැතැයි ඉන්දීය බලධාරීහු ප්‍රකාශ කළහ.
නිරෝධායන මධ්‍යස්ථානවලදී මුදාගත් ඉන්දීය ජාතිකයන් වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවට ලක් කෙරෙන බවත් සති දෙකකට පසු ඔවුන් මුදාහරින බවත් ඔවුහු කීහ.

වූහාන් නගරයෙන් මුදාගත් ඉන්දීය ජාතිකයන් 324 දෙනාගෙන් 211 දෙනකු සිසුන් වන අතර 113 දෙනෙක් වෘත්තිකයෝය.

රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා හයදෙනකුට ඉන්දියාවට යෑමට චීන ආගමන විගමන නිලධාරීන් අවසර දී නැතැයි චීන බලධාරීන් උපුටා දක්වමින් පී.ටී.අයි. පුවත් සේවය වාර්තා කර තිබිණි. ඔවුන්ට වයිරසය ඇත්ද නැත්ද යන්න සොයාබැලීම සඳහා පරීක්ෂණ සිදු කළ යුතුව ඇත.

වූහාන් නගරයේ ඉතිරි ඉන්දීය ජාතිකයන් පිරිස රැගෙන ඒම සඳහා තවත් ගුවන් යානයක සෙනසුරාදා පස්වරුවේ චීනය බලා පිටත් විය.

හින්දුස්තාන් ටයිම්ස් 

055

 



අදහස් (0)

වූහාන් නගරයේ සිටි ඉන්දීය ජාතිකයන් 324 ක් නිරෝධායන මධ්‍යස්ථාන දෙකකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 754 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site