IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


වූහාන්වලින් මුදාගත් ඇමෙරිකානුවන් 1000කට නවාතැන් පහසුකම්

වූහාන් නගරයෙන් මුදාගන්නා ඇමෙරිකානු ජාතිකයන් 1,000කට නවාතැන් පහසුකම් ලබාදීමට ඇමෙරිකානු හමුදා කටයුතු කරනු ඇතැයි එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පෙබරවාරි 29 වැනිදා වනතෙක් හමුදාවට අයත් මෙම ස්ථාන එලෙස මුදාහරින බව ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

කොරෝනා මාරාන්තික වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. එම නගරයේ විදේශිකයන් දහස් ගණනක් සිර වී සිටින අතර ඔවුන් මුදාගැනීම මේ වනවිට සිදුවෙමින් පවතී. වූහාන් නගරයෙන් තම ජාතිකයන් මුදාගත් මුල්ම රටවල් දෙක වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ ජපානයයි.

එම පිරිස් හුදකලා කර නිරෝධායනය කිරීමට ඇතැම් රටවල් පියවර ගෙන තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදය ද ඒ අතර වේ.

මාරාන්තික කොරෝනා වයිරසය හේතුවෙන් මේ වනවිට 300කට වැඩි පිරිසකට ජීවිත අහිමි වී තිබෙන අතර ආසාදනය වූ පිරිස 14,000 ඉක්මවා ගොස් ඇත.
වූහාන් නගරයෙන් මුදාගන්නා සහ කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන හෝ ආසාදනය වූ හෝ ඇමෙරිකානු ජාතිකයන් කැලිෆෝනියාවේ සහ ටෙක්සාස්වල ගුවන් හමුඳා කඳවුරුවලත් කැලිෆෝනියාවේ ‘මරීන් කෝප්ස්’ ගුවන් කඳවුරේ සහ කොලොරාඩෝහි පුහුණු ආයතනයේත් රඳවා තබන බව ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්විණි.

ආරක්ෂක අංශවලින් හමුදා සහාය දෙන්නැයි ඉල්ලා ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය සහ මානව සේවා දෙපාර්තමේන්තුවයි. නිරෝධායනය කිරීම, ඊට යොමු කරන පිරිසගේ වගකීම, ප්‍රවාහනය සහ ආරක්ෂාව බාරව කටයුතු කරනු ඇත්තේ ද සෞඛ්‍ය සහ මානව සේවා දෙපාර්තමේන්තුවයි.
වූහාන්වලින් මුදාගත් 195 අනිවාර්යයෙන්ම දින 14ක් නිරෝධායනයට ලක් කළ යුතු යැයි ඇමෙරිකා එක්සත් ජනපද බලධාරීහු පසුගිය සිකුරාදා පැවැසූහ.
ඇමෙරිකානුවන් රැගත් ගුවන් යානය බදාදා කැලිෆෝනියා හි රිවර්සයිඞ් පිහිටි ‘මාර්ච් එයාර් රිසව් බේස්’ ගුවන් තොටුපොළට ළඟා විය. එම යානය තුළ චීනයේ සේවය කළ ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ ද වූහ.

ඇමෙරිකා එක්සත් ජනපදය මේ වනවිට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශ කර ඇත. ඊට අමතරව පසුගිය සති දෙකක කාලයේදී චීනයට ගමන් කළ විදේශිකයන්ට ඇමෙරිකාවට පැමිණීම තාවකාලිකව තහනම් කිරීමට ද එරට බලධාරිහු පියවර ගත්හ.


මාරාන්තික කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 24කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබෙන අතර ඇමෙරිකාවෙන් පමණක් කොරෝනා වයිරසය ආසාදනය වූ සිදුවීම් අටක් වාර්තා වී තිබේ.

(ඒ.එෆ්.පී.)

055
 

 



අදහස් (0)

වූහාන්වලින් මුදාගත් ඇමෙරිකානුවන් 1000කට නවාතැන් පහසුකම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 754 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site