පිලිපීනයේ කොරෝනා වෛරස ආසාධිත රෝගියෙකු මියගොස් ඇත.

මෙය චීනයෙන් පිටත ප්‍රථම වරට තහවුරු වූ කොරෝනා වෛරස මරණයයි.

රෝගියා 44හැවිරිදි චීන ජාතිකයෙකු වන අතර ඔහු හුබෙයි පළාතේ වුහාන් සිට පිලිපීනයට පැමිණි පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ පිලිපීනයට පැමිණීමට පෙර ඔහු වෛරස ආසාදනයට ලක්වී ඇති බවයි.

මැනිලා අගනුවර පිහිටි රෝහලකට ඇතුලත් කිරීමෙන් පසු නිව්මෝනියා තත්ත්වය උග්‍ර වීම හේතුවෙන් රෝගියා මියගිය බව පිලිපීන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ඔහු තවත් චීන ජාතික කාන්තාවක් සමග පිලිපීනයට පැමිණ ඇති අතර දෙදෙනාම වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබිණි.

පිලිපීනය චිනයෙන් පැමිණෙන සියලුම සංචාරකයන් වහාම නතර කරන බව නිවේදනය කිරීමෙන් කෙටි වේලාවකට පසු මෙම මරණය වාර්තා විය.

(බීබීසී ඇසුරිණි - 085)