IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ටැන්සානියාවේ දේව මෙහෙයක වූ කලබලයකින් 20ක් මරුට

ටැන්සානියාවේ උතුරු දිග ක්‍රීඩා භූමියක දේව මෙහෙයක් පැවැත්වෙන අවස්ථාවේ සිදුවූ කලබලයකින් 20දෙනකු පමණ මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මියගිය අය අතර කුඩා දරුවන් පස්දෙනකු ද සිටින බව සඳහන් වේ.

කිළිමන්ජාරෝ කඳු බෑවුම අසල පිහිටි මෝෂි නගරයේ පැවැත්වුණු මෙම දේව මෙහෙය සඳහා සියගනනක් පිරිස් රැස්වී සිටියහ.

සෞභාග්‍යය සහ රෝග සුවය පතා බොහෝදෙනකු මෙම පූජාවට සහභාගී වී ඇති බවත් "ආශිර්වාද තෙල්" වලින් අභිෂේක කිරීමට සූදානම් වන අවස්ථාවේ මෙම කලබලය සිදුවී ඇති බවත් පොලිසිය පවසයි.

මිය ගිය ගණන තවදුරටත් ඉහළ යෑමට ඉඩ ඇති බව බලධාරීහු පවසති.

මිලියන 55ක් පමණ වන ටැන්සානියාවේ බොහෝ ජනයා දිළිඳුකමින් පීඩා විඳින අතර පෙන්තකොස්ත සභාව විසින් මෙහෙයවන මෙවැනි දේවමෙහෙයන් සඳහා සහභාගී වන පිරිස් වැඩිවෙමින් පවතින බව පැවසේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ටැන්සානියාවේ දේව මෙහෙයක වූ කලබලයකින් 20ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 754 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site