තුර්කියේ නැගෙනහිර ඉරාන දේශසීමාව ආසන්නයේ කඳු බෑවුමක ඇති වූ හිම කුණාටුවක් හේතුවෙන් 26 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.
තවත් පුද්ගයින් 50 දෙනෙකු පමණ ඔවුන් ගමන්ගත් වාහන වල සිරවී සිටින බවද බලධාරීහු පවසති.
මියගිය අය අතර පොලිස් නිලධාරීන්, ආරක්ෂක නිලධාරීන්, ගිනි නිවන භටයෙකු සහ සාමාන්‍ය වැසියන් ගණනාවක් සිටින බව සඳහන් වේ.
සෙවීමේ සහ ගලවාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බවත් මියගිය හෝ තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇති බවත් තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
මුදවාගැනීමේ කටයුතු සඳහා 300 ක පමණ පිරිසක් යොදවා ඇත.
මීදුම සහ හිම පතනයන් හේතුවෙන් ගලවාගැනීමේ මෙහෙයුම් වලට බාධා එල්ලවී ඇති නමුත් 30 දෙනකු පමණ මුදවාගත් බව ඔවුහු සඳහන් කරති.
මෙම ප්‍රදේශයේම දින දෙකකට පෙර ඇතිවූ හිම කුණාටුවක් හේතුවෙන් පස්දෙනකු මියගොස් දෙදෙනකු අතුරුදන්ව තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
තුර්කියේ හිම කුණාටුවකින් 26 ක් මරුට