ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ එරට කතානායක නැන්සි පෙලොසි අතර ආරවුල උග්‍ර වී ඇත.
ඇමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ (4) කොංග්‍රසයට සිය වාර්ෂික කතාව ඉදිරිපත් කළ අතර ඔහු එහිදි කතානායක නැන්සි පෙලොසිට අතට අත දීම ප්‍රතික්ෂේප කිරීමත් ඇය ජනාධිපතිවරයාගේ කතාව ඇතුළත් ලියවිල්ල ඉරා දැමීමත් දෙදෙනා අතර ඇති ආරවුල තීව්‍ර කිරීමට හේතුවිය.

ඇමෙරිකානු ජනාධිපතිවරු වාර්ෂිකව එරට කොංග්‍රසය අමතන අතර එය ඉංග්‍රීසි බසින් ‘ස්ටේට් ඔෆ් ද යුනියන් ස්පීච්’ යනුවෙන් හැඳින්වේ. ඇමෙරිකාවේ පාර්ලිමේන්තුව කොංග්‍රසය, සෙනෙට් සභාව සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කොටස් දෙකකින් සමන්විතය. සෙනෙට් සභාවේ බහුතර බලය ඇත්තේ ජනාධිපති ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයට වන අතර නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂයටය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකව වන නැන්සි පෙලොසි ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජිකාවකි.
ජනාධිපති ට්‍රම්ප් බලය අවභාවිත කළේ යැයි චෝදනා කරමින් ඩිමොක්‍රටික් පක්ෂය ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනා අතර එය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත විය. මේ දිනවල එය සෙනෙට් සභාවේ විභාග වෙමින් පවතී.
මිනිත්තු 80ක් දීර්ඝ වූ ජනාධිපතිවරයාගේ කතාවේදී දෝෂාභියෝගය සම්බන්ධයෙන් ඔහු කිසිවක් නොකීවේය.
කෙසේ නමුත් මෙහිදි පක්ෂ දෙක අතර විශේෂයෙන් ජනාධිපතිවරයා සහ කතානායක අතර තිබෙන ගැටුම උත්සන්න වන ආකාරයේ වචන ද භාවිත විය.
ජනාධිපති ට්‍රම්ප්ගේ කතාව පැවැත්වෙද්දි රිපබ්ලිකන්වරුන් වරින් වර නැගිට අත්පොළසන් දුන් අතර ඩිමොක්‍රටික්වරු නිහඬව අසුන් ගෙන සිටියහ.
රිපබ්ලිකන් පක්ෂය බොහෝ දුරට ජනාධිපති ට්‍රම්ප් දෝෂාභියෝග චෝදනාවලින් නිදොස් කරනු ඇතැයි පැවසේ. බලය අවභාවිත කිරීමට අමරතව ට්‍රම්ප් කොංග්‍රසයට බාධා එල්ල කළේ යැයි ද චෝදනා එල්ල වී තිබේ. දෝෂාභියෝග විභාගයේ ඡන්ද විමසීම එරට වේලාවෙන් බදාදා, එනම් අද (5) පස්වරු 4ට ආරම්භ වීමට නියමිතය.

ට්‍රම්ප් සහ පෙලොසි මෙසේ හමුවූයේ මාස හතරකට පසුවය. ධවල මන්දිරයේ පැවැති රැස්වීමකදී පෙලොසි ඉවත් කිරීමට ට්‍රම්ප් පියවර ගෙන තිබිණි. ඉන් පසු දෙදෙනා මුණ ගැසුණු පළමු අවස්ථාව මෙය විය. සිය වාර්ෂික කතාව කිරීමට පීඨීකාවට පැමිණි අවස්ථාවේදී පෙලොසි ඔහුට ආචාර කිරීම සඳහා අත දිගු කළත් ජනාධිපති ට්‍රම්ප් එය ගණනකට නොගත්තේය. ට්‍රම්ප්ගේ කතාවෙන් පසුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා පෙලොසි, ජනාපති ට්‍රම්ප්ගේ කතාව ඇතුළත් ලියවිල්ල ඉරා දැමුවාය.
ජනාධිපතිවරයා කොංග්‍රසය ඇමතීමට පෙර කතානායකවරයා සාම්ප්‍රදායිකව ඔහු හඳුන්වාදෙන අතර එහිදි ගෞරවාන්විත සහ වරප්‍රසාදිත යන අරුත් දෙන ඉංග්‍රීසි වදන් යොදාගැනේ. එහෙත් මෙවර කතානායිකා පෙලොසි ට්‍රම්ප් හඳුන්වාදුන්නේ “කොංග්‍රසයේ සාමාජිකයනි, ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති” යනුවෙනි.
රොයිටර්
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැන්සි පෙලොසි කියන්නේ තනිකරම උද්දච්ච කාන්තාවක්. ඇයට තිබෙනෙන්නේ තනිකරම පළිගැනීමේ චේතනාවයි.
ලංකාවේ ජනමතය පිළිබද එක්සත් ජාතික පක්ෂයට අවබෝදයක් නැතුව සේම ඇමෙරිකානු ජනතාවගේ ජනමතය පිළිබදවද ඩිමොක්ක්‍රෝටික් පක්ෂයට අවබෝදයක් නැත. ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ජනපති වනු ඇත.