සිරියාවේ තෙල් සහ ගෑස් නිධි හතරකට රොකට් ප්‍රහාර එල්ල වී ඇතැයි එරට රාජ්‍ය පුවත් සේවය වන ‘සානා’ පුවත් සේවය අද (4) වාර්තා කළේය.
එම රොකට් ප්‍රහාරවලින් තෙල් සහ ගෑස් නිධි පිහිටි භූමියේ දේපළවලට හානි සිදු වී තිබෙන අතර ඇතැම් ඒවා ගින්නෙන් විනාශ වී ඇතැයි ද වාර්තා විය. ගින්න නිවාදැමීමට සමත් වූ බවත් මේ වනවිට සිදු වූ හානිය තක්සේරු කරමින් සිටින බවත් එම පුවත් සේවය වාර්තා කළේය.
“ත්‍රස්තවාදීන් සහ ඔවුන්ගේ අනුග්‍රහකයන් නැවත වරක් තෙල් නිධි පිහිටි ප්‍රදේශවලට පහර දුන්නා” සිරියාවේ ඛනිජතෙල් අමාත්‍ය අලී ගානෙම් උපුටා දක්වමින් සානා පුවත් සේවය වාර්තා කර තිබිණි.
ඉබ්ලා ප්‍රදේශයටත් හොම්ස් පළාතේ ස්ථාන කිහිපයකටත් මෙම රොකට් ප්‍රහාර එල්ල වී තිබේ. මෙම ප්‍රදේශවල තෙල් නිධි, පිරිපහදු සහ ගෑස් බලාගාර ද පිහිටා ඇත.
මේ වන තෙක් කිසිවකුත් ප්‍රහාරයේ වගකීම බාරගෙන නැත. පසුගිය සතියේදී කිමිදුම්කරුවන් යොදාගනිමින් මුහුදු යට පිහිටි නළ මාර්ග කිහිපයකට ද ප්‍රහාර එල්ල විය.
එම පිරිස තවත් පිරිපහදුව නළවලට බෝම්බ සවි කර ඇතැයි සිරියානු රජය ජනවාරි 27 වැනිදා ප්‍රකාශ කළේය. මාස හයක් ඇතුළත එවැනි ප්‍රහාරයක් එල්ල වූ දෙවැනි අවස්ථාව එය විය.
සිරියානු සිවිල් යුද්ධය මේ වනවිට නවවැනි වසරට දිග්ගැස්සී තිබෙන අතර ආණ්ඩුවට ප්‍රධාන සහ වැදගත් තෙල් නිධිවල පාලනය ද අහිමි වී ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් සිරියානු නෞකාවලට සම්බාධක පනවා තිබේ. සිරියානු රජය ඉරානය සමඟ සබඳතා පැවැත්වීම ඊට ප්‍රධාන හේතුවක් වී තිබේ.
ඒ.එෆ්.පී.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුනේ වෛරී අදහස් හා සිතුවිලි අතහැර දමා ලෝ වැසි සැමගේ හිත සුව පිණිස වැඩ කරන්න සුදානම් වෙන්න. තිබෙන සීමිත සම්පතක් වන ඛනිජ තෙල් හා ගෑස් නිකරුනේ නාස්ති නොකර රැක ගැනීමට උනන්දු වෙන්න. අඩුම තරමින් මිනිසුන් ගැන හිතන්න බැරිනම් පරිසරය ගැනවත් හිතන්න. දිනෙන් දින මිනිසා ලබා ගන්නා දියුණුවද මේ...