IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


ඇමෙරිකානු සමාගමකින් මුදල් වංචා කළ පුද්ගලයකුට වසර 7 ක සිරදඬුවම්

(125)

ඇමෙරිකාවේ සමාගමක සමාගමක ඊමේල් පද්ධතිය හරහා අමෙරිකානු ඩොලර් මිලියන ගණනක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ශ්‍රී ලංකාවේ සම්භවයක් සහිත පුද්ගලයකු ඊට වරදකරු කළ බ්‍රිතාන්‍ය අධිකරණය ඔහුට වසර 7 ක මාස අටක සිරදඬුවමක් නියම කරනු ලැබ ඇතැයි තානාපති ආරංචි මාර්ග සදහන් කරයි.

බ්‍රිතාන්‍යයේ කර්නාර්ෆෝන් ක්‍රවුන් අධිකරණය  මෙලෙස සිරදඬුවම් නියම කරනු ලැබුවේ මුදල් විශුද්ධිකරන යන චෝදනාව යටතේ වන අතර ඔහු බ්‍රිතාන්‍යයේ පෝර්ටන්ඩෝග් හි පදිංචිව සිටි 41 හැවිරිදි මයිකල් කිනානෝ නැමැත්තෙකුය.

මොහු 2018 වර්ෂයේ දී බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක අමෙරිකානු සමාගමක විද්‍යුත් තැපෑලකට අනවසරෙයන් ඇතුළු වී අමෙරිකානු ඩොලර් මිලියන 8කට ආසන්න මුදලක් වංචා කර ඇති බවට එරට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබු බවද එම ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ නෝත්වෙල්ස් පොලීසිය සහ එෆ්.බී.අයි ආයතනය එක්ව ඒකාබද්ධව සිදු කළ විමර්ශනයකින් පසුව මෙම සැකකරු පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී ගැට්වික් ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

එම චෝදනාවට වරද පිළිගත් සැකකරුට එරෙහිව පෙරේදා (04) මෙම සිරදඬුවම නියම කරනු ලැබූ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටී.



අදහස් (0)

ඇමෙරිකානු සමාගමකින් මුදල් වංචා කළ පුද්ගලයකුට වසර 7 ක සිරදඬුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 505 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 324 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 476 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site