කොරෝනා වයිරසයෙන් බැට කන චීනයේ සංචාරය කළහොත් දඬුවම් කිරීමටත් දඬුවමක් වශයෙන් නැවත රටට පැමිණීම තහනම් කිරීමටත් සෞදි අරාබිය තීරණය කර ඇත.
නියෝග නොතකා චීනයේ සංචාරය කළහොත් අදාළ පියවර ගන්නා බව සෞඛ්‍ය බලධාරීන් පවසා ඇතැයි සෞදි අරාබියේ රාජ්‍ය මාධ්‍ය අද (6) වාර්තා කළේය.
“වයිරසයට එරෙහි ආරක්ෂිත සෞඛ්‍ය පියවරක් ලෙස සෞදි අරාබියේ කිසිදු පුරවැසියකුට හෝ සෞදි අරාබියේ සිටින විදේශිකයකුට චීනයට යෑම තාවකාලිකව තහනම්” යැයි එම පුවත් වාර්තාවල දැක්විණි.
නියෝග නොතක චීනයට ගියහොත් ඔවුන්ට නැවත සෞදි අරාබියට පැමිණීමේ තහනමක් පැනවේ.
සෞදි අරාබියේ අසල්වැසි රට වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වයිරසය ආසාදනය වූවන් පස්දෙනකු පිළිබඳ තොරතුරු වාර්තා විය. ඔවුහු සියලු දෙනා වූහාන්වලින් පැමිණි අය වෙති. බහ්රේනය, කුවෙට් රාජ්‍ය සහ ඕමානය ඇතුළු ගල්ෆ් කලාපයේ බොහෝ රටවල් එම රටවල වැසියන්ට චීනයට නොයන්නැයි උපදෙස් දී ඇති අතර එහෙත් සෞදි අරාබිය මෙන් දඬුවම් හෝ දඩ පනවා නැත.
ඒ.එෆ්.පී.
055
2025 නොවැම්බර් මස 04
746
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2402
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1757
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නියෝග නොතකා චීනයේ සංචාරය කළොත් දඬුවම්