IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


‘‘කොරෝනා ගෝලීය අර්බුදයක්වීම වළක්වාගන්න පුළුවන්‘‘

මාරාන්තික කොරෝනා වෛරසය පුළුල් ගෝලීය අර්බුදයක් බවට පත්වීම වැළැක්වීමට හැකියාව තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් එහි අධ්‍යක්ෂ ජනරාල් ට්‍රෙඩොස් අද්නාම් ග්‍රෙබෙයිසස් පැවසුවේ වෛරසයේ කේන්ද්‍රය වන වුහාන්හි දී එය මැඩපැවැත්වීමට ගත් පියවර එය ලොව පුරා පැතිරීම වැළැක්වීමට යොදාගත හැකි හොඳ ක්‍රමයක් බවයි.

වෛරසය පැතිරීමේ නවතම තත්ත්වය සම්බන්ධව ජිනීවා නුවර පැවති සාකච්ඡාවකට එක්වෙමින් ට්‍රෙඩොස් මහතා මේ බව පවසා තිබේ.

වුහාන් හි මිලියන ගණනක ජනතාවක් හුදකලා කරමින් දැඩි ප්‍රවාහන සීමාවන් පනවමින් චීන බලධාරීන් වෛරසයට ප්‍රතිචාර දැක්වූ ආකාරයට එහිදී හෙතෙම ප්‍රශංසා කළේය.

"චීන බලධාරීන් කේන්ද්‍රයේදී අනුගමනය කළ ඉහළ හා ප්‍රබල පියවර ලොව පුරා වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීමට හා එය පාලනය කිරීමට ප්‍රයෝජනයට ගනිමු" යැයි ට්‍රෙඩොස් මහතා පවසා සිටියේ ය.

සංවර්ධිත රටවල් කිහිපයක් රෝගය සම්බන්ධ දත්ත බෙදා ගැනීමට යොමු නොවීම සම්බන්ධව එහිදී ට්‍රෙඩොස් මහතා සිය අප්‍රසාදය පල කළේය.

වෛරසය පැතිරීම ආරම්භයේදීම එහි බරපතලකම අවතක්සේරු කිරීම සහ සමහර අවස්ථාවල එය රහසිගතව තබා ගැනීම සම්බන්ධව චීන රජයට ද චෝදනා එල්ල විය.

ට්‍රෙඩොස් මහතා පවසන්නේ චීන බලධාරීන් මෙම වරද පසුව නිවැරදි කරගත් බවයි.

කෙසේ වුවද රටවල් සඳහා සංචාරක හා වෙළඳ සීමාවන් නොපනවන ලෙස ට්‍රෙඩොස් මහතා එහිදී ඉල්ලා ඇත.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (0)

‘‘කොරෝනා ගෝලීය අර්බුදයක්වීම වළක්වාගන්න පුළුවන්‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 504 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 324 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 476 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site