බ්‍රිතාන්‍ය අගමැතිගෙන් හැරි - මේගන් යුවළට සුබ පැතුම් නම්බුනාම අත්හරිමින් බ්‍රිතාන්‍ය රජ පවුලෙන් ඉවත්ව යන හැරී කුමරුන්ට සහ මේගන් මාකෙල් ට සුබ පැතුම් එක් කරන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද (19) පැවැසීය. 19 January 2020
යුක්රේන අගමැතිට අවස්ථාවක් දෙන්න ජනපති සැරසෙයි අග්‍රාමාත්‍ය ඔලෙක්සි ගොන්චාරුක්ට තවත් අවස්ථාවක් දීමට තමාට අවශ්‍ය යැයි යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි. 19 January 2020
උතුරු කොරියාවේ විදෙස් ඇමැති ධූරය රි සොන් ග්වොන්ට උතුරු කොරියාවේ විදේශ අමාත්‍ය ධුරය හෙබවූ රි යොන්ග් හෝ මහතා වෙනුවට රි සොන් ග්වෝන් මහතා පත් කර ඇතැයි දකුණු කොරියාවේ ‘එන්.කේ’ පුවත් සේවය වාර්තා කරයි. 19 January 2020
ඉරාන නායකයා පරිස්සම් විය යුතු බව ට්‍රම්ප් කියයි ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඉතා පරෙස්සම් විය යුතු යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවැසීය. 19 January 2020
කැනඩාවේ දරුණු හිම කුණාටුවක් - ගුවන්තොටුපළක් වහයි කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් ප්‍රදේශයේ ඇතිවූ දරුණු හිම කුණාටුවක් හේතුවෙන් ගුවත්තොටුපළ සහ කඩ සාප්පු සියල්ල වසා දැමීමට සිදුවූ බව වාර්තා වේ. 19 January 2020
ලොව මිටිම මිනිසා මිය යයි ගිනස් ලෝක වාර්තා අනුව ඇවිදීමට හැකියාව සහිත ලොව මිටිම මිනිසා ලෙස හැඳින්වුණු අවුරුදු 27ක් වයසැති නේපාලයේ කගේන්ද්‍ර තාපා මාගර් මියගොස් ඇතැයි වාර්තා වේ. 18 January 2020
ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළේ ගංවතුර ඇතිවීමේ අවදානමක් ලැව්ගිනි හේතුවෙන් මහත් ව්‍යසනයක් සිදුවූ ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළාසන්න ප්රාන්තයන්හි සමහර ප්‍රදේශවලට මේ වනවිට මහවැසි ඇද හැලෙමින් පවතින අතර ගංවතුර ඇතිවීමේ අවදානමක් ද මතුව ඇතැයි වාර්තා වේ. 18 January 2020
මෙක්සිකෝව - ඇමරිකාව එකඟතාවයකට අවි ආයුධ, මත්ද්‍රව්‍ය සහ නීති වරෝධී මුදල් ජවාරම් මැඩපැවැත්වීමේ සැලසුමක් සඳහා මෙක්සිකෝව සහ ඇමරිකාව එකඟවී ඇති බව මෙක්සිකානු රජය පවසයි. 17 January 2020
හඬපටයක් ප්‍රසිද්ධ වීමෙන් යුක්රේන අගමැති ඉල්ලා අස්වෙයි යුක්රේන ජනාධිපතිවරයා විචේචනය කරමින් හඬපටයක් ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ යුක්රේන අග්‍රාමාත්‍ය ඔලෙක්සි හොන්චාරුක් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. 17 January 2020
තලේබාන් සංවිධානය ඇමරිකානු භටයන් සමඟ සටන් විරාමයකට තලේබාන් සංවිධානය ඇමරිකානු භටයන් සමඟ දින 10 ක සටන් විරාමයකට එළඹීම සඳහා මේ වනවිට පැවැත්වෙන සාකච්ඡා අතරතුර තීරණය කරනු ඇතැයි වාර්තා වේ. 17 January 2020
උතුරු ඇමෙරිකානු වෙළෙඳ ගිවිසුමට සෙනට් මණ්ඩලයේ අනුමැතිය ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව සම්බන්ධ කරමින් නව වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට අද (16) ඇමෙරිකානු සෙනට් සභාවේ අනුමැතිය හිමිවිය. 16 January 2020
ලොව ප්‍රථම ජීවමාන රොබෝවා නිර්මාණය කිරීමට ඇමරිකානු විද්‍යාඥයෝ සමත්වෙති අසීරු ශල්‍යකර්මය සඳහා සහ රෝග සුවකිරීම සඳහා භාවිතා කළ හැකි ලොව ප්‍රථම ජීවමාන රොබෝවා නිර්මාණය කිරීමට ඇමරිකානු විද්‍යාඥයින් පිරිසක් සමත්ව සිටිති. 16 January 2020
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ඇමෙරිකාවේ තානාපති පුටුවට යන ලකුණු ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ලෙස කටයුතු කළ තරංජිත් සිං සන්දු මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉන්දීය තානාපතිවරයා ලෙස නුදුරේදීම රාජකාරී ආරම්භ කරනු ඇතැයි ‘හින්දුස්තාන් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි. 16 January 2020
චීනය - ඇමෙරිකාව වෙළඳ ගිවිසුමට අත්සන් තබයි චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර වෙළෙඳ ගිවිසුමේ පළමු අදියරට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන උපඅගමැති ලියූ හී යන මහත්වරු ධවල මන්දිරයේදී අත්සන් තැබූහ. 16 January 2020
හිම කඳු කඩා වැටී පාකිස්තානයේ- ඇෆ්ගනිස්තානයේ 130 ක් මරුට හිම කඳු කඩා වැටීම්, ගංවතුර සහ දැඩි සීත ඍතු කාලගුණ තත්ත්වය හේතුවෙන් පාකිස්තානයේ සහ ඇෆ්ගනිස්තානයේ 130 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි දෙරටේ නිලධාරීහු අද (15) ප්‍රකාශ කළහ. 15 January 2020
රුසියානු අගමැති ප්රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වෙයි ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන කිරීමට ඉඩ ලබාදෙමින් තමා ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වන බව රුසියානු අග්‍රාමාත්‍ය දිමිත්‍රි මෙද්වදෙව් මහතා අද (15) ප්‍රකාශ කළේය. 15 January 2020
රුසියානු ජනාධිපති පුටින් ව්‍යවස්ථා වෙනසකට සැරසෙයි ශක්තිමත් ජනාධිපති ක්‍රමයක් පවත්වාගෙන යමින් පාර්ලිමේන්තුවේ බලතල වැඩි කළ යුතු යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අද (15) ප්‍රකාශ කළේය. 15 January 2020
චීනය මානව හිමිකම්වලට ලෝක මට්ටමේ තර්ජනයක් චීනය මානව හිමිකම්වලට ලෝක මට්ටමෙන් තර්ජනයක් බව හියුමන් රයිට්ස් වොච් ජාත්‍යන්තර සංවිධානය පවසයි. 15 January 2020
‘කලාපීය ආර්ථික ගිවිසුමට අකමැත්තක් නෑ’ චීනයේ මූලිකත්වයෙන් කෙරෙන කලාපීය ආර්ථික ගිවිසුමකට අකැමැත්තක් නැතැයි ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් පැවසීය. 15 January 2020
හිම කුණාටුවකින් පාකිස්ථානයේ 67 ක් මරුට පාකිස්ථානයට අයත් කාෂ්මීර ප්‍රදේශයේ ඇති වූ හිම කුණාටු තත්ත්වයක් හේතුවෙන් 67දෙනකු මියගොස් තවත් පිරිසක් අතුරුදන් වී ඇතැයි වාර්තා වේ. 14 January 2020
යුක්රේන ගුවන් ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට යුක්රේන ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉරානය පවසයි.ප්‍රහාරය හෙළාදකිමින් සිව්වැනි දිනටත් පැවැත්වෙන රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ හමුවේ ඉරානය මේ බව සඳහන් කර ඇත. 14 January 2020
චීනයේ මාර්ගයකදී බස් රථයක් ගිලා බැසීමෙන් 6ක් මරුට මධ්‍යම චීනයේ කින්හයි පළාතේ මාර්ගයක බස් රථයක් ගිලා බැසීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෝ 6 දෙනෙක් මරණයට පත්වී තවත් 16 දෙනෙක් තුවාල ලැබූහ. 14 January 2020
ලිබියා සාම සමුළුව බර්ලින් නුවරදී ‘ලිබියා සාම සමුළුව’ බර්ලින් නුවරදී පැවැත්වීමට ජර්මානු රජය තීරණය කර ඇතැයි එරට රජයේ ප්‍රකාශකයෙක් අද (13) පැවැසීය. 13 January 2020
ස්වීඩනයේ අගනුවර පිපිරිමක් ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවර පිපිරීමක් සිදුව ඇතැයි වාර්තාවේ. ජනතාව පදිංචිව සිටින ගොඩනැගිල්ලක මෙම පිපිරීම සිදුව තිබෙන අතර ඉන් කිසිවකුටත් තුවාල සිදුව නැතැයි ද වාර්තා වේ. 13 January 2020
ඇමරිකානු භටයින් සිටින ඉරාක හමුදා කඳවුරකට ගුවන් ප්‍රහාරයක් ඉරාකයේ උතුරු දිග පිහිටි බාලාද් ගුවන් හමුදා කඳවුරට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් නිලධාරීන් දෙදෙනකු ඇතුළු හතරදෙනකු තුවාල ලබා ඇත. 13 January 2020
පිලිපීනයේ තාල් ගිනි කන්ද සක්‍රීය වෙයි පිලිපීනයේ මැනිලා නුවරට දකුණින් පිහිටි තාල් ගිනි කන්ද සක්‍රිය වීම හේතුවෙන් ආසන්න ප්‍රදේශ වල පදිංචි 8000 ක පමණ පිරිසක් ඉවත් කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ. 12 January 2020
විරෝධතා ව්‍යාපාරයකට සහභාගී වූ බවට ඇති චෝදනා අසත්‍යයි තෙහ්රාන් අගනුවර පැවැති විරෝධතා ව්‍යාපාරයකට සහභාගී වූ බවට තමන්ට එල්ල වන චෝදනා අසත්‍ය යැයි ඉරානයේ බ්‍රිතාන්‍ය තානාපතිවරයා අද (12) පැවැසීය. 12 January 2020
පකිස්තාන විදේශ ඇමැති ඉරානයේ - සෞදියේ සංචාරයක මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පාකිස්තාන විදේශ අමාත්‍ය ෂාහ් මෙහ්මූද් කුරේෂි ඉරානයේ සහ සෞදි අරාබියේ සංචාරය කිරීමට නියමිතය. 12 January 2020
තායිවාන ජනපතිවරණයෙන් දෙවැනි වරටත් සායි ඉන්-වෙන් ජයගනී තායිවාන ජනාධිපතිවරණයෙන් දෙවන වරටත් ජයග්‍රහණය කිරීමට වර්තමාන ජනාධිපතිනි සායි ඉන්-වෙන් සමත්වී තිබේ. 12 January 2020
ඇමෙරිකාවේ කුණාටුවකින් 11 ක් මරුට ඇමෙරිකාවේ දකුණු දිග ප්‍රදේශ හරහා හමා ගිය දරුණු කුණාටුවක් හේතුවෙන් 11 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. 12 January 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026