IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කොරෝනා පාකිස්තානයේ - ජපානයේ පාසල් වහයි

කොරෝනා වයිරසය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ පාසල් වසා දැමීමට පාකිස්තාන සහ ජපාන බලධාරීහු අද (27) පියවර ගත්හ.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් මාරාන්තික කොරෝනා වයිරසය මේ වනවිට ලොව පුරා රටවල් 45කට වැඩි සංඛ්‍යාවට පැතිර ගොස් තිබේ.

ඇතැම් ප්‍රදේශවල පාසල් වසා දැමීමටත් ඉරානය සමඟ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමටත් පාකිස්තාන බලධාරීහු ඊයේ පියවර ගත්හ.

කොරෝනා වයිරසය වේගයෙන් ඉරානය තුළ ව්‍යාප්ත වීම නිසා ඉරානය සමඟ තිබෙන දේශසීමා වසා දැමීමට ද පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය ඉකුත් දා පියවර ගත්තේය.

ඉරානයෙන් පැමිණෙන සියලු දෙනා පරීක්ෂාවට ලක් කරන බව ද කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට පියවර ගෙන ඇති ඇෆ්ගනිස්තානය ද ඊයේ නිවේදනය කළේය.

මේ අතර නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ රට පුරා තිබෙන සියලු රජයේ පාසල් වසා දමන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ අද (27) ප්‍රකාශ කළේය.

රටවල් 45කට වැඩි සංඛ්‍යාවකට පැතිර ගොස් තිබෙන කොරෝනා වයිරසය රට පුරා ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණක් ලෙස එම පියවර ගෙන තිබේ.

‘‘දරුවන්ගේ සහ අනෙකුත් සියලු දෙනාගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සලකා බලා පාසල් වසා දැමීමට ආණ්ඩුව එම තීරණය ගත්තා’’ යැයි ජපාන අග්‍රාමාත්‍යවරයා කීවේය.

‘‘ඒ නිසා ප්‍රාථමික, කණිෂ්ට ඉහළ සහ උසස් පාසල් සියල්ල වසා දමන්නැයි අපි ඉල්ලීමක් කරනවා. මාර්තු 2 වැනිදා සිට වසන්ත කාලයේ නිවාඩුව තෙක් පාසල් තාවකාලිකව වසා දමන්න’’ යැයි අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

ඒ.එෆ්.පී.

055



අදහස් (2)

කොරෝනා පාකිස්තානයේ - ජපානයේ පාසල් වහයි

ranjith Thursday, 27 February 2020 09:24 PM

රටවල් 45 ක මේ වනවිට කොරෝනා ව්‍යාප්ත වෙලා තිබෙන නිසා එම රටවල් වලින් මෙම රෝගය ඒමට එදා තියන්න එපා... අපිට චීනය වගේ කඩිනමින් රෝහල් හදන්න පුළුවන්ද? ඒ නිසා අපේ රටේ මේ රෝගය ව්‍යාප්ත වෙන්න දෙන්න එපා...

:       0       6

Jeevaka Saturday, 29 February 2020 03:29 AM

දැනටමත් අපේ දේශීය වෛද්‍ය මහත්වරු බෙහෙත් හොයා ගෙන මේ ලෙඩේට. ලංකාවේ ඉන්න දක්ෂයින් ගුරුකම්වලින් මේ ලෙඩේ හොඳ කරන එක නියතයි. කිසිම දෙයකට බය වෙන්න ඕනේ නැහැ. පිටරට්ටු දන්නේ නැහැ අපේ තරම. චීන්නු එක්ක අපේ ගණුදෙනු නතර කරන්නේ නැහැ. චීන්නු එක්ක අපේ ගුවන් ගමන් නතර කරන්නේ නැහැ. අපි දැන් ටීවී එකේ ක්‍රිකට් බලමු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 742 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site