කොරෝනා වයිරසය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ පාසල් වසා දැමීමට පාකිස්තාන සහ ජපාන බලධාරීහු අද (27) පියවර ගත්හ.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් මාරාන්තික කොරෝනා වයිරසය මේ වනවිට ලොව පුරා රටවල් 45කට වැඩි සංඛ්‍යාවට පැතිර ගොස් තිබේ.
ඇතැම් ප්‍රදේශවල පාසල් වසා දැමීමටත් ඉරානය සමඟ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමටත් පාකිස්තාන බලධාරීහු ඊයේ පියවර ගත්හ.
කොරෝනා වයිරසය වේගයෙන් ඉරානය තුළ ව්‍යාප්ත වීම නිසා ඉරානය සමඟ තිබෙන දේශසීමා වසා දැමීමට ද පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය ඉකුත් දා පියවර ගත්තේය.
ඉරානයෙන් පැමිණෙන සියලු දෙනා පරීක්ෂාවට ලක් කරන බව ද කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට පියවර ගෙන ඇති ඇෆ්ගනිස්තානය ද ඊයේ නිවේදනය කළේය.
මේ අතර නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ රට පුරා තිබෙන සියලු රජයේ පාසල් වසා දමන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ අද (27) ප්‍රකාශ කළේය.
රටවල් 45කට වැඩි සංඛ්‍යාවකට පැතිර ගොස් තිබෙන කොරෝනා වයිරසය රට පුරා ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණක් ලෙස එම පියවර ගෙන තිබේ.
‘‘දරුවන්ගේ සහ අනෙකුත් සියලු දෙනාගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සලකා බලා පාසල් වසා දැමීමට ආණ්ඩුව එම තීරණය ගත්තා’’ යැයි ජපාන අග්‍රාමාත්‍යවරයා කීවේය.
‘‘ඒ නිසා ප්‍රාථමික, කණිෂ්ට ඉහළ සහ උසස් පාසල් සියල්ල වසා දමන්නැයි අපි ඉල්ලීමක් කරනවා. මාර්තු 2 වැනිදා සිට වසන්ත කාලයේ නිවාඩුව තෙක් පාසල් තාවකාලිකව වසා දමන්න’’ යැයි අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටවල් 45 ක මේ වනවිට කොරෝනා ව්‍යාප්ත වෙලා තිබෙන නිසා එම රටවල් වලින් මෙම රෝගය ඒමට එදා තියන්න එපා... අපිට චීනය වගේ කඩිනමින් රෝහල් හදන්න පුළුවන්ද? ඒ නිසා අපේ රටේ මේ රෝගය ව්‍යාප්ත වෙන්න දෙන්න එපා...
දැනටමත් අපේ දේශීය වෛද්‍ය මහත්වරු බෙහෙත් හොයා ගෙන මේ ලෙඩේට. ලංකාවේ ඉන්න දක්ෂයින් ගුරුකම්වලින් මේ ලෙඩේ හොඳ කරන එක නියතයි. කිසිම දෙයකට බය වෙන්න ඕනේ නැහැ. පිටරට්ටු දන්නේ නැහැ අපේ තරම. චීන්නු එක්ක අපේ ගණුදෙනු නතර කරන්නේ නැහැ. චීන්නු එක්ක අපේ ගුවන් ගමන් නතර කරන්නේ නැහැ. අපි දැන් ටීවී එකේ ක්‍රිකට් බලමු.