ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සටන්කරුවන්ට එරෙහිව ඇමරිකානු හමුදාව ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මෙම ප්‍රහාරය එල්ල වන්නේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තලේබාන් කණ්ඩායමේ නායකයන් සමඟ සුභවාදී සාකච්ඡාවක් පැවත්වා පැය කිහිපයක් ගතවූ පසුවය.
වසර ගණනාවක යුද්ධයෙන් පසු ඇෆ්ගනිස්ථානයට සාමය ගෙන ඒම අරමුණින් ඇමරිකාව සෙනසුරාදා (29) තලේබාන් සංවිධානය සමඟ ගිවිසුමක් අත්සන් කළේය.
හැමන්ඩ් පළාතේ ඇෆ්ගනිස්ථාන හමුදාවන්ට පහර දුන් තලේබාන් සටන්කරුවන්ට ප්‍රතිචාර වශයෙන් අද(04) ගුවන් ප්‍රහාරයක් දියත් කළ බව එක්සත් ජනපද හමුදා ප්‍රකාශකයෙක් පැවසීය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ තලේබාන් සංවිධානය අගහරුවාදා හැමන්ඩ් හි ඇෆ්ගනිස්ථාන හමුදාවන්ට අයත් මුරපොලවල් වෙත ප්‍රහාර 43 ක් දියත් කළ බවයි.
කෙසේවුවද මේ සම්බන්ධව තලේබාන් සංවිධානය අදහස් දක්වා නොමැති අතර මෙතෙක් කිසිඳු ප්‍රහාරයක වගකීම තහවුරු කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදුකර නොමැත.
ඇමරිකා එක්සත් ජනපදය පවසන්නේ තමන් තවමත් සාමය සඳහා කැපවී සිටින නමුත් ඇෆ්ගනිස්ථාන හවුල්කරුවන් ආරක්ෂා කිරීමේ වගකීමක් ද තමන්ට ඇති බවයි.
"අපි තලේබාන් සංවිධානයෙන් ඉල්ලා සිටින්නේ අප පෙන්නුම් කර ඇති පරිදි, අනවශ්‍ය ප්‍රහාර නතර කර ඔවුන්ගේ කැපවීම් තහවුරු කරන ලෙසයි. අප අවශ්‍ය විටෙක අපගේ හවුල්කරුවන් ආරක්ෂා කරන්නෙමු" යනුවෙන් ඇමරිකානු හමුදා ප්‍රකාශකයෙකු වන කර්නල් සොනී ලෙගට් පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
742
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තලේබාන් සටන්කරුවන්ට ඇමරිකාවෙන් ගුවන් ප්‍රහාරයක්