ඉරානයේ සිට නවසීලන්තයට පැමිණි පුද්ගලයකුට කොරෝනා වෛරස රෝගය වැළඳී ඇතැයි තහවුරු කරනෙ තිබේ.
අවුරුදු 60ක් වයසැති මෙම රෝගියා කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කරන ලදී.
මෙම පුද්ගලයා ඕක්ලන්ඩ් සිටි රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනයක දැක්වේ.
“අපගේ පළමු COVID-19 රෝගියා සොයා ගත්ත ද රෝගය ප්‍රජාව අතර පැතිරීමේ සම්භාවිතාව අඩු මට්ටමක පවතී." යනුවෙන් ඔවුන් සඳහන් කර ඇත.
මහජන සෞඛ්‍ය නිලධාරීන් රෝගීයාගේ සම්බන්ධතා ඉතිහාසය සොයා ගැනීමට පටන් ගෙන ඇති අතර වෛරසය සඳහා පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් පරීක්ෂා කරනු ඇත.
මෙම පුද්ගලයා ටෙහෙරානයේ සිට ආරම්භ වූ එමිරේට්ස් ගුවන් සේවයේ ගමන්කර ඉන්දුනීසියාවේ බාලිහි නතර කර පෙබරවාරි 26 වැනිදා ඕක්ලන්ඩ් වෙත පැමිණ තිබේ.
ගුවන් යානයේ අවසාන අදියරේ සිටි පුද්ගලයින් පරීක්ෂාවට ලක්කළ යුතු බව අමාත්‍යාංශය පවසයි. නවසීලන්තය මීට පෙර ඉරානයේ සංචාරකයින්ට තාවකාලික සීමාවන් පනවා තිබිණි.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)
2025 නොවැම්බර් මස 04
742
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නවසීලන්තයෙන් ප්‍රථම කොරෝනා වෛරස රෝගියා හමුවෙයි