ඇෆ්ගන් හමුදා ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ඇති කරගත් අර්ධ සාම ගිවිසුම අවසන් කරමින් තලේබාන් සංවිධානය අද (2) ප්‍රකාශ කළේය.
තලේබාන් සංවිධානය ඒ බව ප්‍රකාශ කළේ ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානීගේ ප්‍රකාශයෙන් දිනකට පසුවය.
අර්ධ සාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට කැපවෙන බවත් තලේබාන් සංවිධානය සහ ඇෆ්ගන් රජය සමඟ සාකච්ඡා මාර්තු 10 වැනිදා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ඇෆ්ගන් ජනාධිපතිවරයා ඊයේ (1) ප්‍රකාශ කළේය.
ඒ.එෆ්.පී
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගිවිසුම වසර අගදී තිබෙන මැතිවරණයේ තමන්ට වාසිදායක වෙන්න කරන ට්‍රම්ප්ගේ ගිවිසුමක්. ත්‍රස්තවාදී සංවිධානයක් වන තලේබාන් සංවිධානය කිසිම ගිවිසුමකට ගරුකරන්නේ නැහැ.