කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ විදේශීය සුඛෝපභෝගී නෞකාවලට සිය වරායවලට පැමිණීම තහනම් කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇත.
පසුගිය සතියේදී මැන්ගලෝර් වෙත පැමිණි යුරෝපීය නෞකාවක් හරවා යැවීමට පියවර ගත් බව ද ඉන්දීය බලධාරීහු කීහ.
සුඛෝපභෝගී නෞකාවලින් වේගයෙන් වයිරසය පැතිරීමේ අවදානමක් ඇතැයි පැවසෙන අතර ජපානයට ආසන්න මුහුදේ නැංඟුරම්ලා තිබෙන ‘ඩයමන්ඩ් ප්‍රින්සස්‘ නෞකාවෙන් කොරෝනා ආසාදිතයන් 700කට වැඩි පිරිසක් හමුවිය. කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් නෞකාවේ සිටි හත්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
එම නෞකා ජාලයට අයත් තවත් නෞකාවක් වනිග්‍රෑන්ඩ් ප්‍රින්සස් නෞකාව අද කැලිෆෝනියාවට පැමිණීමිට නියමිතව තිබිණි. එම නෞකාවේ 3,500 කට වැඩි පිරිසක් සිටින අතර ඉන් 21 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා විය. මැන්ගලෝර්හිදී හරවා යවා ඇත්තේ එම්.එස්.සී. ලිරිසා නෞකාව වන අතර එහි සිටින පිරිසට වයිරසය ආසාදනය වී ඇත් ද යන්න වාර්තා නොවීය. එම නෞකාවට 2,000කට වැඩි පිරිසක් රැගෙන යා හැකි අතර 700ක කාර්යමණ්ඩලයක් එහි සේවය කරති.
කිසිදු විදේශීයක යාත්‍රාවකට ඉන්දීය වරායවලට පැමිණීමට නොහැකි බවත් එම තහනම මාර්තු 31 වැනිදා දක්වා ක්‍රියාත්මක බවත් ඉන්දීය බලධාරීහු කීහ.
ඒ.එෆ්.පී
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
විදෙස් නෞකාවලට ඉන්දීය වරාය වැට බඳී