IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


උතුරු කොරියාව මිසයිල දෙකක් ගුවන්ගත කරයි

උතුරු කොරියාව මිසයිල දෙකක් ගුවන් ගතකර ඇති බව දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසයි.

මෙම ප්‍රක්ෂේපණ උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළේ සිට නැගෙනහිර මුහුද ලෙස හැඳින්වෙන ජපාන මුහුද දෙසට ක්‍රියාත්මක කර තිබේ.

දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් (ජේසීඑස්) කියා සිටියේ ඒවා කෙටි දුර බැලස්ටික් මිසයිල යැයි විශ්වාස කරන බවයි.

මාස 18 ක නිහැඬියාවකින් පසු පසුගිය මැයි මාසයේ මිසයිල අත්හදා බැලීම් ආරම්භ වූ අතර එයින් පසු බොහෝ මිසයිල ගුවන් ගතකෙරිණි.

උතුරු කොරියාව සිය අවසන් අත්හදා බැලීම නොවැම්බර් මාසයේදී සිදු කළේය.

එය  "සුපිරි විශාල බහු රොකට් ගුවන්ගත කිරීමක්" ලෙස හැඳින්විණ.

අද(02) අත්හදාබැලීම සිදුවන්නේ  දකුණු කොරියාව සහ ඇමරිකාව, කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වාර්ෂික ඒකාබද්ධ අභ්‍යාස කල් දමන බව නිවේදනය කිරීමෙන් දින කිහිපයකට පසුව ය.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (4)

උතුරු කොරියාව මිසයිල දෙකක් ගුවන්ගත කරයි

Trumpaaaa Monday, 02 March 2020 12:00 PM

ට්‍රම්ප්, ඕන්න මම නම් ඔව්වා දැක්කේ නැහැ.

:       0       0

sampath Monday, 02 March 2020 12:30 PM

මේ මිනිස්සුන්ට හොඳටම පිස්සු... රටේ මිනිස්සුන්ට කන්න නැහැ.. රොකට් හදන බොරු චණ්ඩියෙක් වෙන්න හදනවා... කෝ මානව හිමිකම්? කෝ ප්‍රජාතත්‍රවාදය? කොරෝනා හැදිලා කියලා වෙඩිතියලා මනුස්සයෙක් මැරුවා... මේවා තමයි මිහිපිට අපායවල්...

:       0       1

ච්න්ත් Monday, 02 March 2020 01:02 PM

දැන්ම එකක් හදලා තියාගන්න. හැබැයි නැගලා යන්න පුලුවන් විදියට. කොරෝනා පස්සේ එලවනවෝ...

:       0       0

chandima Monday, 02 March 2020 04:57 PM

කොරෝනා වයිරස් දාලා විද්දද කියන්න බැහැ. ඕනෑ කුජිතුවක් වෙන්න කියලා...

:       0       99

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 489 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 321 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 475 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site