නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ පාපන්දු තරගයක් අතරතුරදී අද (2) සිදු වූ බෝම්බ පිපිරීමකින් තිදෙනකු මියගොස් 11 දෙනෙක් තුවාල ලැබූහ.
‘‘මෝටර් සයිකලයක් පාපන්දු තරගයට කඩා වැදී බෝම්බය පුපුරුවා ගත්තා’’ යැයි ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර පළාතක් වන කෝස්ට් පළාතේ ප්‍රධාන පොලිස් නිලධාරියා වන සයිද් අහමද් බබාසි පැවැසීය.
මෙම පිපිරීම සිදුවූයේ තලේබාන් සංවිධානය අර්ධ සාම ගිවිසුමට එකඟතාව පළ කර දින දෙකකට පසුවය.
බෝම්බ ප්‍රහාරයෙන් තිදෙනකු මියගිය බවත් ඔවුන් සහෝදරයන් බවත් කෝස්ට් පාපන්දු සම්මේලනයේ අබ්දුල් ෆාටා වක්මාන් පැවැසීය.
අද රාත්‍රිය වනතුරුත් කිසිවකුත් ප්‍රහාරයේ වගකීම බාරගෙන නොතිබිණි.
කෙසේ නමුත් තමන් අර්ධ සාම ගිවිසුම අවසන් කරන බවත් නැවත ඇෆ්ගන් හමුදා ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන බවත් තලේබාන් සංවිධානය අද පෙරවරුවේ ප්‍රකාශ කළේය.
තලේබාන් සංවිධානය ඒ බව ප්‍රකාශ කළේ අෂ්රෆ් ඝානීගේ ප්‍රකාශයෙන් දිනකට පසුවය. අර්ධ සාම ගිවිසුමට කැපවෙන බවත් මාර්තු 10 වැනිදා රජය හා තලේබාන් සංවිධානය සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම කීය.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd