පලස්තීනයේ ගාසා තීරයේ සරණාගත කඳවුරක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් 60 දෙනෙකු තුවාල ලබා ඇති බව සෞඛ්‍ය නිලධාරීහු පවසති.

මියගිය අය අතර ළමුන් සිව් දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු සිටින අතර තුවාල ලැබූවන්ගෙන් 14 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ගාසා තීරයේ මධ්‍යම නුසෙයිරාත් කඳවුරේ බේකරියක හටගත් ගින්න අසල පිහිටි වෙළඳසැල්, කර්මාන්තශාලා සහ වීදි දිගේ නවතා තිබූ මෝටර් රථ වෙත වේගයෙන් පැතිර ගිය බව වාර්තා වේ.

ගිනි නිවන භටයින් හා සිවිල් වැසියන් එක්ව ගින්න නිවා දමා ඇති බව බලධාරීහු කියති.

පලස්තීනුවන්ගේ වාසස්ථානය වන ගාසා තීරයේ මිලියන දෙකක පමණ ජනතාවක් වාසය කරති.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)