පලස්තීනයේ ගාසා තීරයේ සරණාගත කඳවුරක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් 60 දෙනෙකු තුවාල ලබා ඇති බව සෞඛ්‍ය නිලධාරීහු පවසති.
මියගිය අය අතර ළමුන් සිව් දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු සිටින අතර තුවාල ලැබූවන්ගෙන් 14 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ගාසා තීරයේ මධ්‍යම නුසෙයිරාත් කඳවුරේ බේකරියක හටගත් ගින්න අසල පිහිටි වෙළඳසැල්, කර්මාන්තශාලා සහ වීදි දිගේ නවතා තිබූ මෝටර් රථ වෙත වේගයෙන් පැතිර ගිය බව වාර්තා වේ.
ගිනි නිවන භටයින් හා සිවිල් වැසියන් එක්ව ගින්න නිවා දමා ඇති බව බලධාරීහු කියති.
පලස්තීනුවන්ගේ වාසස්ථානය වන ගාසා තීරයේ මිලියන දෙකක පමණ ජනතාවක් වාසය කරති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
742
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පලස්තීනයේ ගින්නකින් 9 දෙනෙක් මරුට