ජපානයේ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි බ්‍රිතාන්‍ය ජාතික මගියකු කොරෝනා වයිරසය ආසාදනය වී මිය ගොස් තිබේ.
ජපානයේ සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, එම නෞකාවේ සිටි මගීන් අතරින් වයිරසය වැළඳී මිය ගිය සයවැනි මගියා ඔහු බවය.
වයිරසය වැළඳී මිය ගිය පළමු බ්‍රිතාන්‍ය ජාතිකයා මොහු බව වාර්තා වීමත් සමඟ මේවනවිට කොරෝනා ඒ ආශ්‍රිත සෙසු රටවලට ද පැතිරයාම සම්බන්ධයෙන් බලධාරීහු අවධානයෙන් පසුවෙති.
මේ වනවිට බ්‍රිතාන්‍ය යේ වයිරසය ආසාදනය වූ 19දෙනෙක් සිටිති.
බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශය පැවසුවේ, වාර්තා ගැන අවධානෙන් සිටින නමුත් මරණය පිළිබඳව ලැබෙන තොරතුරු ස්ථිර නැති බවයි.
වයිසරය ආසාදනය වූ තවත් බ්‍රිතාන්‍ය ජාතිකයන් සිව්දෙනෙකු ජපානයේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

(ගාඩියන් ඇසුරිනි)
16844
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd