ඉරාකයෙන් පළමු කොරෝනා මරණය අද (4) වාර්තා විය.
කොරෝනා ආසාදනය වී මියගොස් ඇත්තේ 70 හැවිරිදි ඉරාක ජාතික පූජකවරයෙකි. ඔහු ඉරාකයේ උතුරු නැගෙනහිරට වන්නට පිහිටි සුලෙයිමනියාහ් නගරයේ වැසියෙකි.

හෙතෙම මිය යනවිට නිරෝධායනයට ලක් කර තිබූ බව ද එම නගරය අයත් පළාත් සෞඛ්‍ය අධිකාරියේ ප්‍රකාශකයා පැවැසීය.
කෝවිඩ් 19 යනුවෙන් හැඳින්වෙන නව කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 70කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් තිබේ.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් කොරෝනා වයිරසය හේතුවෙන් මේ වනවිට 3,198කට ජීවිත අහිමි වී තිබෙන අතර 93,160කට වැඩි පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.
ඉරාකයෙන් අද වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 31කි.
ඒ.එෆ්.පී.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd