IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


කැලිෆෝනියා ප්‍රාන්තය ’කොරෝනා’ ගැන හදිසි තත්වයක් ප්‍රකාශ කරයි

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් පළමු කොරෝනා වෛරස මරණය වාර්තා වී ඇති අතර ඒ සමග ඇමරිකා එක්සත් ජනපදයේ වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම මරණය වාර්තා වීමත් සමග කැලිෆෝනියා ප්‍රාන්තය වෛරසය සම්බන්ධව හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.

මිය ගිය පුද්ගලයා 71 හැවිරිදි වියේ පසුවූ අතර, මෙම පුද්ගලයා සක්‍රමේටෝ අසළ රෝහලකදී මියගොස් ඇත.ඔහු නෞකාවක සිට පැමිණ ඇති බව බලධාරීහු පවසති.

ඇමරිකාවේ ප්‍රාන්ත 16 ක අවම වශයෙන් පුද්ගලයන් 150 දෙනෙකුට පමණ කොවිඩ් -19 ආසාදනය වී ඇති බව වාර්තා කර ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ වූ පුද්ගල මරණ 11 න් 10 ක්ම වොෂිංටන් ප්‍රාන්තයේ සිදු වී ඇතැයි වාර්තා වේ.  වසංගතය ටෙක්සාස් සහ නෙබ්‍රස්කාහි ද පැතිරී තිබේ.

මියගිය පුද්ගලයාට රෝගය ආසාදනය වී ඇත්තේ පසුගිය මාසයේ සැන් ෆ්රැන්සිස්කෝ සිට මෙක්සිකෝව දක්වා ගමන් කළ ග්‍රෑන්ඩ් ප්‍රින්සස් නම් නෞකාවේදී බවට විශ්වාස කෙරේ.

ග්‍රෑන්ඩ් ප්‍රින්සස් නෞකාව කැලිෆෝනියාවේ වෙරළට ඔබ්බෙන් රඳවා ඇති අතර ප්‍රාන්ත ආණ්ඩුකාර ගේවින් නිව්සෝම් පැවසුවේ මගීන් 11 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකුට ආසාදනය වී ඇති බවයි.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

කැලිෆෝනියා ප්‍රාන්තය ’කොරෝනා’ ගැන හදිසි තත්වයක් ප්‍රකාශ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 489 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 321 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 475 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site