නවදිල්ලියෙන් සහ තෙලංගානාවලින් කොරෝනා ආසාදිතයන් දෙදෙනකු පිළිබඳ තොරතුරු වාර්තා වූයේ යැයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය අද (2) නිවේදනය කළේය.
නවදිල්ලියෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයා ඉතාලියට සංචාරය කර ඇති බවත් අනෙක් තැනැත්තා මෑතකදී ඩුබායි වෙත ගමන් කර ඇති බවත් එම අමාත්‍යාංශය සඳහන් කළේය.
‘‘රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා ඔවුන් දෙදෙනාම රෝහලට පැමිණ ඒ බව දැනුම් දී තිබෙනවා. ඔවුන් පරීක්ෂාවට ලක් කළා. පරීක්ෂණවලින් ඔවුන් කොරෝනා ආසාදිතයන් බව අනාවරණය වුණා. දැන් ඔවුන් සමීපව නිරීක්ෂණය කරනවා. ඔවුන්ට ප්‍රතිකාර ලබාදෙනවා’’ යැයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන් පැවැසීය.
ද හින්දු
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd