චීන මහා ප්‍රාකාරයේ කොටස් කිහිපයක් හෙට (25) සිට සංචාරකයින් සඳහා වසා තබන බව චීන බලධාරීහු පවසති.
කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන තිබේ.
බීජිං නගරය ආසන්නයේ පිහිටි කොටස් කිහිපයක් මෙසේ වසා තැබෙනු ඇති අතර ඒවා සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන ස්ථාන ලෙස සඳහන් වේ.
එසේම ශැංහයි හි පිහිටි ඩිස්නිලන්තය ද නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇත.
(විදෙස් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd