නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මැලේසියාවේ රෝහලකදී තරුණයකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මියගොස් ඇත්තේ ඉන්දියාවේ ඊසාන දිග ත්‍රිපුරා ප්‍රාන්තයේ සිට එරටට පැමිණ සිටි මනීර් හුසේන් නැමැති 23 හැවිරිදි තරුණයෙකි.
මනීර් මීට වසර 2කට පෙර මැලේසියාවට පැමිණ ඇති අතර එහි ආපනශාලාවක සේවය කරමින් සිට ඇත.
"මැලේසියානු බලධාරීන් ඊයේ අපට දුරකතන ඇමතුමක් ලබාදෙමින් කීවේ කොරෝනා වෛරසය හේතුවෙන් මගේ මුනුබුරා මිය ගිය බවයි'' යැයි හුසේන්ගේ මුත්තණුවන් වන අබ්දුල් රහීම් මහතා සඳහන් කළේය.
මනීර්ගේ සිරුර ගෙන්වාගැනීමට මැලේසියාවේ බලධාරීන් සමඟ සාකච්ඡා කර ඇතැයි ද ඔහු පැවසීය.
ආසියානු ශාන්තිකර කලාපයේ ඊසාන දිග පෙදෙසට අයත්ව, වෛරසයෙන් මිය ගිය පළමු පුද්ගලයා ඔහු බව වාර්තා වේ.
(ටයිම්ස් ඔෆ් ඉන්දියා)
16844


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd