IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


බ්‍රිතාන්‍ය 83 ක් රැගත් ගුවන් යානයක් වුහාන් වලින් පිටත් වෙති

බ්‍රිතාන්‍ය ජාතිකයන් 83 දෙනකු සහ වෙනත් ජාතිකයින් 27දෙනකු රැගත් ගුවන් යානයක් චීනයේ වුහාන් නගරයෙන් පිටත් වී ඇත.

වුහාන් නගරයේ විදේශ සේවා කාර්යාලයේ අවසරය මත මෙම ගුවන් යානය අද (31) උදයවරුවේ පිටත් වී ඇති අතර ස්පාඤ්ඤය හරහා බ්‍රිතාන්‍යයට පැමිණීමට නියමිතව තිබේ.

බ්‍රිතාන්‍යට පැමිණෙන සියලු දෙනා එරට සෞඛ්‍ය අංශයේ අධීක්ෂණය යටතේ දින 14ක නිරෝධායන කාලයක් ගතකරනු ඇත.

කෙසේ වුවද බ්‍රිතාන්‍ය පවසන්නේ කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැලකෙන බ්‍රිතාන්‍ය ජාතිකයින් වුහාන් නගරයෙන් ඉවත් කර ගැනීමට අවසර නොමැති බවයි.

මෙම යානය ඊයේ(30) වුහාන් වෙතින් පැමිණීමට නියමිතව තිබුණු අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් 150ක් සහ වෙනත් ජාතිකයන් 50දෙනකු රැගෙන ඒමට සැලසුම් කර තිබිණි.

කෙසේවුවද එයට චීන බලධාරීන්ගේ අවසරය නොලැබීම හේතුවෙන් ගමන අද දිනයට පමා කිරීමට සහ මගීන් සංඛ්‍යාව අඩු කිරීමට සිදුවී ඇත.

මෙසේ කිරිමට හේතු චීනය විසින් සඳහන් කර නොමැත.

 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

බ්‍රිතාන්‍ය 83 ක් රැගත් ගුවන් යානයක් වුහාන් වලින් පිටත් වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 505 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 324 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 476 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site