ඇෆ්ගනිස්ථානයේ ඒරියනා ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් ගාස්නි පළාතේ තලේබාන් පාලන ප්‍රදේශයකට කඩා වැටී ඇතැයි වාර්තා වේ.

යානයේ මගීන් 83 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර  ඔවුන්ට කුමක් සිදුවීද යන්න පැහැදිලි නොමැති බව බලධාරීහු පවසති.

අද (27) සවස යානය කඩා වැටී තිබේ. ඒරියානා ඇෆ්නිගස්ථානයේ ජාතික ගුවන් සේවය වන අතර යානය කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ගාස්නි පළාත හින්දු කුෂ් කඳුකර කලාපයේ පිහිටා ඇති  අතර මේ දිනවල දැඩි ශීත කාලගුණයක් පවතින බවද සඳහන් වේ.

(ඩේලි මේල් ඇසුරිණි - 085)