නයිජීරියාවේ ඊසාන දිග බෝර්නෝ ප්‍රාන්තයේ පාලමක් මත සිදු වූ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයන් 30 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

පාලම මත අටවා තිබූ ක්ෂණික පිපිරුම් උපකරණයක් මගින් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

අසල්වැසි කැමරූන් රාජ්‍යය වෙත දිවෙන මාර්ගයේ වෙළඳ නගරයක් වන ගම්බෝරුහි ජනාකීර්ණ ස්ථානයක මෙම පාලම පිහිටා ඇත.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ 35 දෙනකු පමණ අසල පිහිටි ප්‍රාදේශීය රෝහල වෙත ගෙන ගිය බව සඳහන් වේ.

ප්‍රහාරයේ වගකීම කිසිඳු කණ්ඩායමක් බාරගෙන නොමැත. 

බොකෝ හරාම් සහ අයිඑස් යන කණ්ඩායම් දෙක ප්‍රදේශයේ ක්‍රියාත්මකව පවතින බව මාධ්‍ය වාර්තා කර ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)