ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු දෙකකට ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ජාත්‍යන්තර ගුවන් ගමන්වල අර්බුදකාරී තත්ත්වයක් පැන නැගී තිබේ.
ජාත්‍යන්තර ගුවන් සේවා ආයතන රැසක් ඉරානය සහ ඉරාකය මඟහැර ගුවන් ගමන් මෙහෙයවීමට පියවර ගෙන ඇත.
ඒ අනුව ඇතැම් ගුවන් ගමන් අවලංගු කර ඇති අතර ඇතැම් ගුවන් මාර්ග සැලසුම් යළි සකස් කර පිහිටුවා තිබේ.
ඉරාන ප්‍රහාරය හේතුවෙන් අමෙරිකානු ෆෙඩරල් ගුවන් පාලනාධිකාරිය ඉරානය හෝ ඉරාකය හරහා අමෙරිකානු යානාවලට පියාසර කිරීම තහනම් කර ඇත.
ගිනිකොනදිග ආසියාවේ සිට ගුවන් ගමන්වල යෙදෙන්නන්ට මෙම ගුවන් ගමන් පාලන තත්ත්වය විශේෂයෙන් ගැටලු සහගත වී තිබේ.
යුරෝපයට ගමන් ගන්නා ගුවන් මාර්ගය ඉරානය සහ ඉරාකය හරහා වැටී තිබීම ඊට හේතුවයි.
-226-
(එන්.එච්.කේ. ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd