දීර්ඝ කාලයක් ඕමානය පාලනය කළ සුල්තාන් කබූස් බිල් සයිඩ් මියගොස් තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 79කි.
1970 වර්ෂයේ දී බ්‍රිතාන්‍යයේ සහාය සහිතව තම පියා කුමන්ත්‍රණයකින් නෙරපා දමා ඕමානයේ නායකත්වය සියතට ගත් සුල්තාන්වරයා තෙල් සම්පත උපයෝගී කර ගනිමින් රට සංවර්ධනයේ නව මාවතකට යොමු කළේය.
ජනප්‍රිය පුද්ගලයකු වූ ඔහු පූර්ණ ඒකාධිපති පාලනයක් ගෙනගිය අතර විරුද්ධ මත නිශ්ප්‍රභා කළ බව සඳහන් වේ.
ඔහුගේ මරණයට හේතුව තහවුරු කර නොමැති අතර ඔහු පිළිකා රෝගයෙන් පෙළුණු බව සඳහන් විය.
සුල්තාන්වරයාගේ මරණින් පසු ඔහුගේ සොහොයුරා වන හයිතම් බින් තාරික් අල් සාද් අනුප්‍රාප්තිකයා ලෙස දිවුරුම් දී තිබේ.
ඕමානයේ තීරණ ගන්නා තැනැත්තා වන්නේ සුල්තාන්වරයා ය. ඔහු අගමැති තනතුර ද ත්‍රිවිධ හමුදාවේ අණදෙන නිලධාරී තනතුර ද ආරක්ෂක, මුදල් සහ විදේශ කටයුතු යන අමාත්‍ය ධූර ද දරයි.
දශක පහකට අධික කාලයක් ඕමානය පාලනය කළ සුල්තාන් කබූස් ප්‍රතාපවත් දැක්මක් ඇති පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධ වී සිටි අතර විදේශ කටයුතුවලදී මධ්‍යස්ථ මාවතක් අනුගමනය කළේය.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රේෂ්ඨ පාලකයෙක්. හොද උගත්කමක් සහිත මනා පාලනයක් ඕමාන් වල කරගෙන ගිය හොද දැක්මක් තිබුන නායකයෙක්. ඔහු නිසා තමා අද ඕමාන් ඔය තරමටම දියුණු වුනේ.