යුක්රේන ගුවන් යානය කඩා වැටුණේ මිසයිල ප්‍රහාරයකින් බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඉරාන සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධානී අලි අබේද්සාදේ අද (10) පැවැසීය.
ගුවන් යානය කඩාවැටුණේ මිසයිල ප්‍රහාරයකින් බවට තොතුරු ලැබී ඇති බවට ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ කැනඩාව වාර්තා කිරීමත් සමඟ තෙහ්රාන් අගනුවරදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔහු ඒ බව කීවේය.
“එක් දෙයක් සහතිකයි. ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල වුණේ නැහැ” යැයි අලි අබේද්සාදේ කීය.
ගුවන් යානය කඩා වැටුණේ ඉරාන ගුවන් ආරක්ෂක පද්ධතියේ සිදු වූ දෝෂයකින් යැයි ද ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ කැනඩාව බුද්ධි අංශ තොරතුරු වාර්තා කර ඇත.
මෙම ගුවන් අනතුර ඉරානය 1988 වසරෙන් පසු මුහුණ දුන් දරුණුතුම අනතුර විය. එම වසරේදී ඇමෙරිකානු හමුදා අත්වැරැදීමකින් එල්ල කළ ප්‍රහාරයකින් ඉරාන ගුවන් සේවයට අයත් යානයක් අනතුරට පත්වූ අතර අනතුරින් එහි සිටි 290 දෙනාම මරණයට පත්වූහ.
“යානයේ කළුපෙට්ටිය දත්තා ලබාගැනීමට පෙර කරන ඕනෑම ප්‍රකාශයක් මතයක් විතරයි. ඇත්ත හොයාගන්න නම් විමර්ශන කරන්න ඕනෑ. කළු පෙට්ටියේ දත්ත ලබාගන්න ඕනෑ” යැයි අලි අබේද්සාදේ පැවැසීය.
ඒ.එෆ්.පී.
055
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘‘යුක්රේන ගුවන් යානය කඩා වැටුණේ මිසයිල ප්‍රහාරයකින් නොවේ‘‘
Nimal Friday, 10 January 2020 12:45 PM
එහෙනම් ඉතින් ඇයි කළු පෙට්ටිය දෙන්න ඔයතරම් බය? එ්ක යුක්රේනයට දුන්නා නම් හේතුව හොයාගන්න තිබුණා නේද?
Kumar Friday, 10 January 2020 05:47 PM
මෙම ගුවන් යානය වැටෙන්න මොහොතකට කලින් ඉරාකයේ තිබෙන ඇමෙරිකන් කඳවුරු දෙසට ඉරානය මිසයිල යවන්න පටන්ගත් නිසා ඈත අහසේ තිබෙන ඔත්තු බලන සියලුම චන්ද්‍රිකා සියල්ලම ක්‍රියාකරමින් තිබුණු වග අමතක කරන්න එපා. දැන් කාලේ සෑම නිවසකම පාහේ cctv කැමරා තිබෙනවා. ඉතින් කොහොමද ඇත්ත වසන් කරන්නේ... මෙම ගුවන් යානයට වැටීඇත්තේ ඉරාකයට යමින් තිබූ මිසයිලයක් නොවේ. එවැනි මිසයිලවලට ගුවන් යානා සොයගත නොහැක. වැරදීමකින් යැවූ අහස් යාත්‍රා නාශක මිසයිලයක් වෙන්න ඇතියි මෙරට අය සිතන්නේ...