ඉරාකයේ උතුරු දිග පිහිටි බාලාද් ගුවන් හමුදා කඳවුරට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් නිලධාරීන් දෙදෙනකු ඇතුළු හතරදෙනකු තුවාල ලබා ඇත.
මෙම කඳවුරේ ඇමරිකානු භටයන්ද සිටින අතර තුවාල සිදුවී ඇත්තේ ඉරාක භටයන් හතර දෙනකුට බව හඳුනාගෙන තිබේ.
බැග්බෑඩ් නගරයට කිලෝමීටර් 80ක් පමණ දකුණින් පිහිටි මෙම කඳවුරට කටුයුෂා රොකට් ප්‍රහාර අටක් එල්ලවූ බව ඉරාක හමුදාව පවසයි.
මෝටාර් බෝම්බ හතක් ධාවන පථයේ වැදී පුපුරා ගිය බව පැවසේ.
කෙසේවුවද ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන්න සම්බන්ධව ඉරාක හමුදාව කිසිඳු සඳහනක් කර නොමැත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd