IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ජපානයේ අන්තර්ජාලය භාවිත කරන බාලවයස්කරුවන්ට නව නීති

බාලවයස්කරුවන් අන්තර්ජාලයට සහ පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවීම වැළැක්වීමේ අරමුණින් බටහිර ජපානයේ ප්‍රාදේශීය පාලන අධිකාරියක් නව නීති හඳුන්වාදීමට පියවර ගෙන ඇත.

එම නීති කෙටුම්පත මඟින් යෝජනා කර ඇති පරිදි වයස අවුරුදු 18 ට අඩු ළමයින් ජංගම දුරකතන සහ පරිගණක ක්‍රීඩාවල නිරත විය යුතු කාලය සතියේ දිනවල විනාඩි 60 කට සහ සති අන්ත හා ජාතික නිවාඩු දිනවල විනාඩි 90 කට සීමා කර තිබේ.

කනිෂ්ඨ උසස් පාසල් සහ මූලික පාසල්වල සිසුන්ට රාත්‍රී  9.00 න් පසු ජංගම දුරකතන සහ පරිගණක භාවිත කිරීමට අවසර නොලැබෙන අතර උසස් පාසල්වල සිසුන්ට රාත්‍රී 10.00 න් පසු එය තහනම් වේ.

කෙසේ වෙතත් සිසුන් අධ්‍යාපන කටයුතු සඳහා මෙම උපාංග භාවිත කරන්නේ නම් මෙම නීති අදාළ නොවේ.

මෙම නීති මඟින් දඬුවම් නියම නොකරන ලද නමුත් දරුවන් මෙම උපාංග භාවිත කිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට දෙමව්පියන්ට බලකෙරේ.

මෙම නීති පිළිබඳ මහජන අදහස් ලබාගැනීමෙන් පසු එය ලබන මාසයේදී ඉදිරිපත් කිරීමටත්  එළඹෙන අප්‍රේල් මාසයේ සිට එය බලාත්මක කිරීමත් අපේක්ෂාව වී ඇත.

 (එන්.එච්.කේ. ඇසුරෙනි)
 
-226-



අදහස් (0)

ජපානයේ අන්තර්ජාලය භාවිත කරන බාලවයස්කරුවන්ට නව නීති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 759 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site