බාලවයස්කරුවන් අන්තර්ජාලයට සහ පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවීම වැළැක්වීමේ අරමුණින් බටහිර ජපානයේ ප්‍රාදේශීය පාලන අධිකාරියක් නව නීති හඳුන්වාදීමට පියවර ගෙන ඇත.

එම නීති කෙටුම්පත මඟින් යෝජනා කර ඇති පරිදි වයස අවුරුදු 18 ට අඩු ළමයින් ජංගම දුරකතන සහ පරිගණක ක්‍රීඩාවල නිරත විය යුතු කාලය සතියේ දිනවල විනාඩි 60 කට සහ සති අන්ත හා ජාතික නිවාඩු දිනවල විනාඩි 90 කට සීමා කර තිබේ.

කනිෂ්ඨ උසස් පාසල් සහ මූලික පාසල්වල සිසුන්ට රාත්‍රී  9.00 න් පසු ජංගම දුරකතන සහ පරිගණක භාවිත කිරීමට අවසර නොලැබෙන අතර උසස් පාසල්වල සිසුන්ට රාත්‍රී 10.00 න් පසු එය තහනම් වේ.

කෙසේ වෙතත් සිසුන් අධ්‍යාපන කටයුතු සඳහා මෙම උපාංග භාවිත කරන්නේ නම් මෙම නීති අදාළ නොවේ.

මෙම නීති මඟින් දඬුවම් නියම නොකරන ලද නමුත් දරුවන් මෙම උපාංග භාවිත කිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට දෙමව්පියන්ට බලකෙරේ.

මෙම නීති පිළිබඳ මහජන අදහස් ලබාගැනීමෙන් පසු එය ලබන මාසයේදී ඉදිරිපත් කිරීමටත්  එළඹෙන අප්‍රේල් මාසයේ සිට එය බලාත්මක කිරීමත් අපේක්ෂාව වී ඇත.

 (එන්.එච්.කේ. ඇසුරෙනි)
 
-226-