පිලිපීනයේ මැනිලා නුවරට දකුණින් පිහිටි තාල් ගිනි කන්ද සක්‍රිය වීම හේතුවෙන් ආසන්න ප්‍රදේශ වල පදිංචි 8000 ක පමණ පිරිසක් ඉවත් කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.

යමහලෙන් කිලෝමීටර් එකක් තරම් උසට දුම්රොටු විහිදෙන බවත් වරින් වර කම්පන සිදුවන බවත් බලධාරීහු පවසති.

තාල්, පිලිපීනයේ දෙවැනියට සක්‍රිය ගිනි කන්ද වන අතර ඉදිරි සති කිහිපය තුළ එහි දැවැන්ත පිපිරුමක් බලාපොරොත්තු වියහැකි බවට පිලිපීනයේ භූ කම්පන හා ගිනි කඳු සම්බන්ධ පර්යේෂණායතනය අනතුරු අඟවා තිබේ.  

ගිනි කන්දෙන් දුම් පිටවීමට ආරම්භ වීමත් සමඟ මැනිලා ගුවන් තොටුපලේ ගුවන් ගමන් සියල්ල ද අත්හිටුවීමට බලධාරීහු පියවර ගත්හ.

පසුගිය අවුරුදු 450ක කාලය තුල ගිනි කන්ද 34වාරයක් විදාරණය වී ඇත.

(බීබීසී ඇසුරිණි - 085)