ඇමෙරිකාවේ දකුණු දිග ප්‍රදේශ හරහා හමා ගිය දරුණු කුණාටුවක් හේතුවෙන් 11 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.‍

ඇලබාමා, ලොයිසියානා සහ ටෙක්සාස් ප්‍රාන්ත වලින් මෙම මරණ වාර්තා වී තිබේ.

කුණාටුවෙන් ඇතිවූ තද සුළං සහ අධික වර්ෂාව හේතුවෙන් නිවාස බොහොමයක් විනාශ වී ඇති අතර ප්‍රදේශයේ මාර්ග යටවීම නිසා ගමනාගමනය ද ඇණහිට ඇත.

කුණාටුවේ ප්‍රතිඵලයක් ලෙස මිඩ්වෙස්ට් ප්‍රාන්තයට දරුණු අයිස් වැසි ඇද වැටී ඇති බවත් චිකාගෝ නගරයේ ගුවන්තොටුපළ දෙකක ගමන් වාර සිය ගණනක් අත්හිටුවා ඇති බවත් වාර්තා වේ.

බොහෝ ප්‍රදේශවල විදුලි බලය ද ඇණහිට තිබේ.

(බීබීසී ඇසුරිණි - 085)