IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ට්‍රම්ප්ගේ බලතල සීමා කරන්න යෝජනාවක් සම්මත වෙයි

යුදමය ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ඇති බලතල සීමා කරමින් ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී නව යෝජනාවක් සම්මත කරගෙන ඇත.

ඇමෙරිකානු ජනාධිපතිවරයාට ඉරානයට එරෙහිව තවදුරටත් යුදමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වන අයුරින් එම යෝජනාව සම්මත කරගෙන තිබෙන අතර ඊට පක්ෂව ඡන්ද 224ක් ලැබිණි.  

ඇමෙරිකානු කොංග්‍රසයේ පාලනය ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂය සතුව වන අතර අදාළ යෝජනාවට රිපබ්ලිකන් පක්ෂයේ සියලු දෙනාම විරෝධය පළ කළහ. ඒ අනුව ඊට විරුද්ධව ඡන්ද 194ක් ලැබී තිබිණි.

ඇමෙරිකා එක්සත් ජනපදය එල්ල කළ ප්‍රහාරයකින් ඉරානයේ ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනයට ලක්වීමත් ඉරානය ඊට ප්‍රතිචාර දක්වමින් මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් නිසා ඩිමොක්‍රටික් පක්ෂයේ මූලිකත්වයෙන් එම යෝජනාව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කෙරුණි.

සම්මත වූ මෙම නව යෝජනාවට අනුව කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ජනාධිපති ට්‍රම්ප්ට ඉරානයට එරෙහිව ඇමෙරිකා හමුදා යෙදවීමට නොහැක.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දී සම්මත වූ යෝජනාව මීළඟට සෙනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. සෙනට් මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ජනාධිපති ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයටය.

රොයිටර්ස් 

055



අදහස් (1)

ට්‍රම්ප්ගේ බලතල සීමා කරන්න යෝජනාවක් සම්මත වෙයි

Mahee Saturday, 11 January 2020 10:11 AM

ප්‍රජාතන්ත්‍රවාදය අත්හදා බැලෙමින් පවතී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 759 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site