ඉරාන - අමෙරිකා අර්බුදයට සංවාදයකින් විසඳුම් ලබා ගත යුතු බව ජගත් සංවිධාන නියෝජිතයෝ අවධාරණය කරති.
එම සංවිධානයේ රටවල් නියෝජිතයින් හැටකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් ආරක්ෂක මණ්ඩලයේ පැවති විවෘත සංවාදයකදී ඔවුහු මේ පිළිබඳ අවධානය යොමු කළහ.
අමෙරිකාව තවදුරටත් සාකච්ඡා සඳහා එළඹීමට සූදානම් බව මෙහිදී අදහස් දැක්වූ එරට ජගත් සංවිධාන නියෝජිත කෙලී ක්‍රාෆ්ට් මහත්මිය පැවසුවාය.
ඉරාන හමුදා ප්‍රධානියා ඝාතනය ස්වයං ආරක්ෂාව සඳහා අනුගමනය කළ ක්‍රියාවක් බවද ඇය ප්‍රකාශ කළාය.
කෙසේ වෙතත් අමෙරිකාව තුළ පවතින අවිශ්වාසය ඉරාන නියෝජිතවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ඉරානය පසුගිය බදදා අමෙරිකානු හමුදා කඳවුරුවලට එල්ල කළ මිසයිල ප්‍රහාරය යුක්ති සහගත බව ද ඔහු පැවසීය.
-226-
(එන්.එච්.කේ. ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd