ඉරානය, චීනය සහ රුසියාව ඉන්දීය සාගරයේදී සහ ඕමාන බොක්කේදී සිවුදින නාවික යුද අභ්‍යාස ආරම්භ කළේය.

මෙම යුද අභ්‍යාස ආරම්භ වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය වසරේ මැයි මාසයේදී ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්ව දෙරට අතර අර්බුදකාරී තත්ත්වය උග්‍ර තත්ත්වයකට පත්ව ඇති මොහොතකය. ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය තවත් ප්‍රබල රටවල් කිහිපයක් එක්ව 2015 වසරේදී ඓතිහාසික න්‍යෂ්ටික ගිවිසුමට අත්සන් තැබීය.

එහෙත් පසුගිය වසරේ මැයි මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදය ගිවිසුමෙන් ඉවත් කරගැනීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගත්තේය.

මෙම යුද අභ්‍යාසයේ අරමුණ සාමය, මිත්‍රත්වය සහ සහයෝගීත්වය හා එකමුතුව තුළින් දිගුකල් පවත්නා ආරක්ෂාව තහවුරු කිරීම යැයි ඉරාන නාවික හමුදාවේ රියාර් අද්මිරාල් ගෝලමේ‍රසා තහානි පැවැසීය.

ඒ.එෆ්.පී. 
- 055