IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි පාලනයට ගිය ගිනි නිවන භටයන් දෙදෙනකු ජීවිතක්ෂයට

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ආසන්නයේ පැතිරෙමින් පවතින ලැව්ගිනි මැඩපැවැත්විමට ගිය ස්වෙච්ඡා ගිනි නිවන භටයන් දෙදෙනකු හදිසි අනතුරක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වි ඇතැයි වාර්තා වේ.
 

ලැව්ගිනි පැතිරෙමින් පවතින ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් තිබූ ගිනි නිවන රථය මතට ගසක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
 මෙම මරණ දෙකත් සමග ලැවිගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව අටක් දක්වා ඉහල ගොස් ඇති බව බලධාරීහු පවසති.
 
 පසුගිය බ්‍රහස්පතින්දා (19) සිදුවූ අනතුරකින් ගිනි නිවන භටයන් 10දෙනකු බරපතල ලෙස තුවාල ලැබීය.
ව්‍යසනයක් පවතින අවස්ථාවක නිවාඩුවක් ගතකිරීම සඳහා පැමිණීම සම්බන්දයෙන් හවායි වෙත ගොස් සිටින ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ඕස්ට්‍රේලියානු ජනතාවගෙන් සමාව අයැද සිටියේ ය.
 
ගිනි නිවන භටයන් දෙදෙනාගේ මරණ දැනගත් වහාම නිවාඩුව අවලංගු කර නැවත ඹ්ස්ට්‍රේලියාවට පැමිණීමට තීරණය කර ඇතැයි ද හෙතෙම පවසයි. මේවනවිට ඕස්ට්‍රේලියාවේ නිවාස 700කට වැඩි ප්‍රමාණයක් සහ අක්කර මිලියන තුනකට අධික ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී තිබේ.
 
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි පාලනයට ගිය ගිනි නිවන භටයන් දෙදෙනකු ජීවිතක්ෂයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 592 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 342 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 486 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site