ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ආසන්නයේ පැතිරෙමින් පවතින ලැව්ගිනි මැඩපැවැත්විමට ගිය ස්වෙච්ඡා ගිනි නිවන භටයන් දෙදෙනකු හදිසි අනතුරක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වි ඇතැයි වාර්තා වේ.
ලැව්ගිනි පැතිරෙමින් පවතින ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් තිබූ ගිනි නිවන රථය මතට ගසක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
මෙම මරණ දෙකත් සමග ලැවිගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව අටක් දක්වා ඉහල ගොස් ඇති බව බලධාරීහු පවසති.
පසුගිය බ්‍රහස්පතින්දා (19) සිදුවූ අනතුරකින් ගිනි නිවන භටයන් 10දෙනකු බරපතල ලෙස තුවාල ලැබීය.
ව්‍යසනයක් පවතින අවස්ථාවක නිවාඩුවක් ගතකිරීම සඳහා පැමිණීම සම්බන්දයෙන් හවායි වෙත ගොස් සිටින ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ඕස්ට්‍රේලියානු ජනතාවගෙන් සමාව අයැද සිටියේ ය.
ගිනි නිවන භටයන් දෙදෙනාගේ මරණ දැනගත් වහාම නිවාඩුව අවලංගු කර නැවත ඹ්ස්ට්‍රේලියාවට පැමිණීමට තීරණය කර ඇතැයි ද හෙතෙම පවසයි. මේවනවිට ඕස්ට්‍රේලියාවේ නිවාස 700කට වැඩි ප්‍රමාණයක් සහ අක්කර මිලියන තුනකට අධික ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd