ඇෆ්ගනිස්ථානයේ උතුරු දිග බෝල්ක් පළාතේ හමුදා මුරපොළකට තලේබාන් සටන්කාමීන් පහර දීම හේතුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් 15 දෙනකු මියගොස් තිබේ.

ඩව්ලටාබාද් දිස්ත්‍රික්කයේ හමුදා මුරපොළකට මෙසේ පහර දී ඇත.

මියගිය අය අතර බුද්ධි අංශ සාමාජිකයින් කිහිපදෙනකු ද සිටින බවද ප්‍රහාරය සඳහා තලේබාන් සාමාජිකයින් විශාල පිරිසක් පැමිණ ඇති බවද බලධාරීහු පවසති.

කෙසේවුවද මෙම ප්‍රහාරයේ වගකීම බාරගනිමින් තලේබාන් සංවිධානය පවසා ඇත්තේ හමුදා සාමාජිකයින් 20 දෙනකු මියගිය බවයි.

දෙපාර්ශ්වය අතර සටන් ආරම්භ වූ 2001 වසරේ සිට මේ දක්වා ඇෆ්ගනිස්ථාන සිවිල් වැසියන් විශාල පිරිසක් ඇෆ්ගන් හමුදා භටයන් හා ඇමරිකා හමුදා භටයන් 2400 ක් ජීවිතක්ෂයට පත්ව ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)