IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලොව ලාබාලතම අග්‍රාමාත්‍යවරිය ෆින්ලන්තයේ සානා මැරීන්

 

ලොව ලාබාලතම අග්‍රාමාත්‍යවරිය ලෙස ෆින්ලන්තයේ සානා මැරීන් දිවුරුම් දීමට නියමිතව ඇත.

34 හැවිරිදි සානා මැරීන්ට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුයේ 39 හැවිරිදි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් ය.

තැපැල් වර්ජනයක් හේතුවෙන් ෆින්ලන්තයේ හිටපු අගමැති අන්ටි රින්නේ ඉල්ලා අස්වූ අතර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් ඒ සඳහා සානා මැරීන් නම් කර තිබේ.

පක්ෂ පහකින් සැදුම්ලත් ෆින්ලන්ත සභාග රජයේ පක්ෂ හතරකම කාන්තාවෝ නායකත්වය දරති.

වයස අවුරුදු 27 දී ඇගේ උපන් ගම වන ටැම්පෙරේ නගර සභාවේ ප්‍රධානියා ලෙස සානා තේරී පත්විය.

එතැන් සිට ෆින්ලන්ත දේශපාලයේ වේගවත් ගමනක් යෑමට ඇයට හැකිවූ අතර 2015 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූවාය.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (7)

ලොව ලාබාලතම අග්‍රාමාත්‍යවරිය ෆින්ලන්තයේ සානා මැරීන්

Chathuri Monday, 09 December 2019 09:50 PM

අපේ රටෙත් ලාබාලතම ජනාධිපති පත් වෙන්න ගිහින් නූලෙන් රට බේරා ගත්තා ජනතාව. අද එහෙනම් ලංකාවක් නැහැ

:       103       330

Voter Tuesday, 10 December 2019 03:04 AM

දැන් දියුණු රටවල දකින්න තිබෙන විශේෂ දෙයක් තමයි රාජ්‍ය නායකත්වයට වයසින් අඩු අය ඉදිරිපත්වී ජයග්‍රහණය කිරීම, කැනඩාවේ, ප්‍රංශයේ, නවසීලන්තයේ, යුක්රේනයේ ... මට මතක අන්දමට ඉන්නේ සාපේක්ෂව අඩු වයස් රාජ්‍ය නායකයන්.

:       0       8

Tharindu PereraTuesday, 10 December 2019 05:13 AM

මේ ‌ට්‍රෙන්ඩ් එක හැදුණෙ ‌ලෝක ආර්ථික අර්බුදයෙන් දියුණු රටවල් බැටකන්න ගත්තට පස්සේ. ඒ අර්බුදය ‌දේශපාලනයටත් දැඩිසේ බලපෑවා. ඒකට විකල්පයක් විදිහට කියලා තමයි දැන් ඔය ලාබාලතම අගමැතිවරු, ජනාධිපතිවරු පත්වෙන්න ගත්තේ. හැබැයි ඒ කිසිම ‌දෙයකින් අර්බුදය නවත්වන්න බැරිවුණා. ‌පේනවනෙ ඇමරිකාව, ප්‍රංශය, එංගලන්තය දැන් වැටිලා ඉන්න තත්වය.

:       0       3

Sujeewa SilvaTuesday, 10 December 2019 04:17 PM

තරිඳු මහතාණෙනි, ඔබතුමා ඇමරිකාව වැටිලාය යන්නෙන් අර්ථ දක්වන්නේ, (1) ඇමරිකානු ඩොලරය අද ලෝකයේ බලවත්ම කාසිය නිසාද? (2) 2008 දී 6,000 ක් වූ DowJones කොටස් වෙළදපලේ දර්ශකය අද 28,000 පන්නා ඇති නිසාද? (3) 2008 දී 6% ක්ව තිබු විරැකියාව, අද 3.4% වූ නිසාද? ඔබතුමා සටහන් කළේ පෘථිවියේ නොව කොහේ තිබෙන ඇමරිකාවක්ද?

:       0       0

de silva Tuesday, 10 December 2019 03:29 AM

චතුරි අපේ කුමාරවරුන්ට අපහාස කරන්න එපා.

:       3       17

රත්නසිරි Tuesday, 10 December 2019 09:55 AM

ලාබාලම විදියට හැසිරුණ කෙනෙකුත් ලගදී ඡන්දය ඉල්ලුවා නේ.

:       0       1

Dil PereraTuesday, 10 December 2019 04:20 PM

ඔව් උතුරෙන්, නැගෙනහිරෙන් ගෙනා ඡන්ද නැතිවෙන්න එයාගේ ඇපයත් නැතිවෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 691 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site