ලොව ලාබාලතම අග්‍රාමාත්‍යවරිය ලෙස ෆින්ලන්තයේ සානා මැරීන් දිවුරුම් දීමට නියමිතව ඇත.

34 හැවිරිදි සානා මැරීන්ට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුයේ 39 හැවිරිදි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් ය.

තැපැල් වර්ජනයක් හේතුවෙන් ෆින්ලන්තයේ හිටපු අගමැති අන්ටි රින්නේ ඉල්ලා අස්වූ අතර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් ඒ සඳහා සානා මැරීන් නම් කර තිබේ.

පක්ෂ පහකින් සැදුම්ලත් ෆින්ලන්ත සභාග රජයේ පක්ෂ හතරකම කාන්තාවෝ නායකත්වය දරති.

වයස අවුරුදු 27 දී ඇගේ උපන් ගම වන ටැම්පෙරේ නගර සභාවේ ප්‍රධානියා ලෙස සානා තේරී පත්විය.

එතැන් සිට ෆින්ලන්ත දේශපාලයේ වේගවත් ගමනක් යෑමට ඇයට හැකිවූ අතර 2015 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූවාය.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)