නේපාලයේ දකුණු දිග දේවස්ථානයක හින්දු භක්තිකයන් විසින් දහස් ගණනක් සතුන් හා පක්ෂීන් ඝාතනය කරමින් බිලිපූජා පවත්වා ඇතැයි වාර්තා වේ.
දේව මාළිගාව අසල මී හරකුන් 3000 කගේ පමණ හා එළුවන් සහ වෙනත් සතුන්ගේ ද හිසගසා තිබූ බව මාධ්‍ය වාර්තා කර ඇත.
සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් මේ සම්බන්ධව දැඩි විරෝධය පලකර ඇති අතර ඔවුන් පවසා ඇත්තේ මෙය කුරිරු හා බිහිසුණු චාරිත්‍රයක් බවයි.
සෑම වසර පහකට වරක් දකුණු නේපාලයේ බාරාහි ගඩිමායි කෝවිලේ පැවැත්වෙන මෙම උත්සවය ලෝකයේ පැවැත්වෙන මෙවැනි විශාලම උත්සවය ලෙස හැඳින්වේ.
සත්ත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් වසර ගණනාවක සිට මෙම ක්‍රියාව නතර කරන ලෙස ඉල්ලා උද්ඝෝෂන කරමින් සිටියි.
මෙම සත්ත්ව ඝාතනවල කිසිදු සාධාරනත්වයක් නොමැති බවත් සත්ත්ව පූජා තහනම් කරන නීතියක් හඳුන්වා දෙන ලෙසත් ඔවුහු නේපාල රජයෙන් ඉල්ලා සිටිති.
නේපාලයේ මිලියන තිහක පමණ ජනගහනයෙන් සියයට අසූවක් පමණ හින්දු භක්තිකයන් වන අතර ඔවුන්ගේ බොහෝ උත්සව අවස්ථාවන්හිදී දෙවිවරුන් සතුටු කිරීම සඳහා සතුන් පූජා කිරීම සිදු කරයි.
මෙම උත්සවයේදී සතුන් පූජා කිරීම සඳහා ඉන්දියාවේ සිට ද දහස් ගණන් බැතිමත්හු නේපාලයට ගමන් කරති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුන් උපන් දේශයේ අයට නැණ පහළවන්නේ කවදද?
මේක මුස්ලිම් අය කළා නම්, මෙතන කමෙන්ට්ස් කොහොමද ?
හින්දු ආගම කියන්නේ අවිහිංසාවට මුල් තැන දෙන ආගමක්. එහෙව් එකේ මෙහෙම දෙයක් වෙන්නේ කොහොමද ?
මොවූන් තවම ඉන්නේ ගල් යුගයේ. පවු අහිංසක සත්තු. මෙයට වසර කිහිපයකට පෙර බංග්ලාදේශයේද කොහෙද සත්තු මිලියන ගණනක් මරල ලොකු ගංවතුරක් ඇවිත් දහස් ගණනක් මිනිස්සු මරුනා.
මිථ්‍යාදෘෂ්ටික බලවේග මිනිසුන් විසින් ඇතිකරගත් සිද්ධාන්තයි. නැතුව කිසිම ආගමක මෙවැනි ක්‍රියා අනුමත කරනවා නම් එක ආගමක් හෝ දහමක් නොවේ.
හින්දු ආක්‍රමණයෙන් පසු නේපාලයේ සිටිය යහපත්, හොඳ සංස්කෘතිය විනාශ වෙලා ගියා. සිදුහත් කුමාරයා සියලු දේවල් අතහැරලා හොඳ අධිෂ්ඨාටනයෙන් බුදු බව ලබාගෙන පසුව හින්දු ආගමේ තියන ගොඩක් දේවල්වලට කැමති වුනේ නැහැ. ඒවා නවත්වන්න තේරුම් කරලා දීලා ඉන්දියාවේ ගොඩාක් දේවල් වෙනස්කර හොඳ අතට ගියා. නමුත් අදටත් 30% මේ වගේ අපරාධ කරන හින්දු ආගමේ ඉන්නවා...
කරපල්ලා මෙවැනි සතුන් ඝාතනය, ළඟදීම නැවතත් භූමිකම්පාවක් එනවා නේපාලය හැඳි ගෑවිලා යන්න.