නවසීලන්තයේ වයිට් අයිලන්ඩ් ගිනි කන්ද පුපුරා යෑමේදී මිය ගිය දෙදෙනකුගේ සිරුරු සෙවීමට පොලිසිය විසින් කිමිදුම්කරුවන් යොදවා ඇත.
පසුගිය සඳුඳා ගිනි කන්ද පුපුරා යනවිට දූපතේ සංචාරකයන් 47දෙනකු සිට ඇති අතර අතුරුදන් වී සිටින පුද්ගලයන් අට දෙනාම මිය යන්නට ඇතැයි විශ්වාස කරන බව බලධාරීහු පවසති.
මියගිය අට දෙනකුගේ සිරුරු සොයාගෙන ඇති අතර 20දෙනකු පමණ දැඩි පිළිස්සුම් තුවාල ලබා දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබන බව සඳහන් වේ.
තවත් පිපිරීමක් සිදුවීමේ අවදානම පැවතිය ද අද(13) උදෑසන සිරුරු සෙවීම සඳහා නවසීලන්ත ආරක්ෂක බළකායේ විශේෂ භටයින් 8 දෙනකු යොදවා අධිවේගී මෙහෙයුමක් ආරම්භ කළ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ අනුව සිරුරු 6 ක් දිවයිනෙන් පිටතට රැගෙන එන ලදී. සොයාගැනීමට නොහැකි වූ සිරුරු දෙක මුහුදේ පවතිනු ඇතැයි යන විශ්වාසය මත කිමිදුම්කරුවන් යොදවා සෙවීම ආරම්භ කර තිබේ.
මළ සිරුරු කිහිපයක් සොයා ගැනීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමින් අගමැති ජසින්ඩා ආර්ඩන් කියා සිටියේ ක්‍රියාකාරී ගිනි කන්දක් නැරඹීමට මිනිසුන්ට අවසර දුන්නේ මන්ද යන ප්‍රශ්නයට පිළිතුරු අපේක්ෂා කරන බවයි.
(බීබීසී ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 04
691
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගිනිකඳු පිපිරුමෙන් මියගිය දෙදෙනකුගේ සිරුරු සොයා මෙහෙයුම්