නවසීලන්තයේ වයිට් අයිලන්ඩ් ගිනි කන්ද පුපුරා යෑමේදී මිය ගිය දෙදෙනකුගේ සිරුරු සෙවීමට පොලිසිය විසින් කිමිදුම්කරුවන් යොදවා ඇත.

පසුගිය සඳුඳා ගිනි කන්ද පුපුරා යනවිට දූපතේ සංචාරකයන් 47දෙනකු සිට ඇති අතර අතුරුදන් වී සිටින පුද්ගලයන් අට දෙනාම මිය යන්නට ඇතැයි විශ්වාස කරන බව බලධාරීහු පවසති.

මියගිය අට දෙනකුගේ සිරුරු සොයාගෙන ඇති අතර 20දෙනකු පමණ දැඩි පිළිස්සුම් තුවාල ලබා දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබන බව සඳහන් වේ.

තවත් පිපිරීමක් සිදුවීමේ අවදානම පැවතිය ද අද(13) උදෑසන සිරුරු සෙවීම සඳහා නවසීලන්ත ආරක්ෂක බළකායේ විශේෂ භටයින් 8 දෙනකු යොදවා අධිවේගී මෙහෙයුමක් ආරම්භ කළ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව සිරුරු 6 ක් දිවයිනෙන් පිටතට රැගෙන එන ලදී. සොයාගැනීමට නොහැකි වූ සිරුරු දෙක මුහුදේ පවතිනු ඇතැයි යන විශ්වාසය මත කිමිදුම්කරුවන් යොදවා සෙවීම ආරම්භ කර තිබේ.

මළ සිරුරු කිහිපයක් සොයා ගැනීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමින් අගමැති ජසින්ඩා ආර්ඩන් කියා සිටියේ ක්‍රියාකාරී ගිනි කන්දක් නැරඹීමට මිනිසුන්ට අවසර දුන්නේ මන්ද යන ප්‍රශ්නයට පිළිතුරු අපේක්ෂා කරන බවයි.

 

(බීබීසී ඇසුරිණි - 085)