පකිස්ථානයේ වෛද්‍යවරුන් සමඟ ඇතිවූ ආරවුලක් හේතුවෙන් සියගණනක නීතිඥයින් පිරිසක් රෝහලකට පහර දී ඇති අතර රෝගීන් තිදෙනකු මියගොස් තිබේ.

නීතිඥයෝ හෘද ඒකකයේ වාට්ටු කොල්ලකන ලද අතර කාර්යමණ්ඩලයට පහර දී උපකරණ ද කුඩු කළහ.

රෝහලට පහර දෙනවිට වෛද්‍යවරුන් සැඟවුණ බවත් ඒ හේතුවෙන් අසාධ්‍ය රෝගීන් අවදානමකට පත්වූ බවත් වාර්තා වේ.

කැරළි මර්ධන පොලිසිය නීතිඥයින් විසිරුවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළහ.

පොලිසිය විසින් සිද්ධියට සම්බන්ධ යැයි සැකපිට 20 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

රෝහල් කාර්යමණ්ඩලය විසින් නීතිඥයන් කිහිපදෙනකුට අයතු ලෙස සැලකීම සම්බන්ධයෙන් නීතිඥයින් මෙසේ විරෝධතාවයේ යෙදුනහ.

(බීබීසී ඇසුරිණි - 085)