IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ විවාදය ඇරඹෙයි

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට එරෙහි දෝෂාභියෝග යෝජනාව එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් විවාදයට ගැනීම ආරම්භ කර තිබේ.

ජනපතිවරයාට එරෙහිව ප්‍රධාන කරුණු දෙකක් මෙහිදී විවාදයට ගැනේ.

බලය අවභාවිත කිරීම දෝෂාභියෝග යෝජනාවේ එක් කරුණක් වන අතර සිය පුද්ගලික ප්‍රතිලාභ පිණිස යුක්රේනයට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.

ඔහුගේ චර්යාව පිළිබඳ විමර්ශන අවහිර කරමින් කොංග්‍රසයට බාධා කිරීම ට්‍රම්ප් මහතාට එල්ල වී ඇති දෙවැනි චෝදනාව වෙයි.

විවාදය පැය කිහිපයක් පැවැත්වීමට නියමිත අතර පසු දිනයේ ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වේ.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරයක් සහිත ඩිමොක්‍රටික් පාක්ෂිකයින් ඊට පක්ෂව ඡන්දය දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දෝෂාභියෝගය අනුමත වුවහොත් අමෙරිකානු ඉතිහාසයේ දෝෂාභියෝගයකට ලක්වූ තෙවැනි ජනාධිපතිවරයා බවට ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පත්වනු ඇත.

හිටපු ඇමරිකානු ජනාධිපතිවරුන් වන ඇන්ඩෘ ජොන්සන් සහ බිල් ක්ලින්ටන් මීට පෙර දෝෂාභියෝගවලට ලක්වූවෝ වෙති.

-226-

(එන්.එච්.කේ. ඇසුරෙනි)

 



අදහස් (1)

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ විවාදය ඇරඹෙයි

jayantha Wednesday, 25 December 2019 06:04 PM

හොඳම ජනාධිපති තමයි. ලිබරල් අයත් එතුමාට පාඩුවේ රට සංවර්ධනය කිරීමට ඉඩනොදේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 592 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 342 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 486 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site