ඉස්ලාම් සටන්කාමීන් කොංගෝ ජනරජයේ නැගෙනහිර පිහිටි ගම්මාන දෙකකට පහර දී පුද්ගලයන් 22දෙනෙකු ඝාතනය කර ඇතැයි වාර්තා වේ.
ඉරිදා(15) රාත්‍රියේ ගම්මානයට කඩාවැදුණු පිරිසක් මෙම ඝාතන කර ඇති බව පොලිසිය පවසයි.
බයෝබා සහ නටොම්බි ගම්මාන දෙකට මෙලෙස ප්‍රහාර එල්ල කර ඇති අතර මියගිය අය අතර ළමුන් සහ කාන්තාවන් ද සිටින බව සඳහන් වේ.
සිවිල් වැසියන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් සැලසීමට නොහැකිවීම සම්බන්ධව කොංගෝ හමුදාව හා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව කෙරෙහි ජනතා විරෝධය එල්ල වී තිබේ.
ප්‍රදේශයේ පැතිර පවතින මාරාන්තික ඉබෝලා වසංගතය මර්ධනය කිරීම කෙරෙහි ද මෙම තත්ත්වය අහිතකර ලෙස බලපාන බව නිරීක්ෂකයෝ පවසති.
සෞඛ්‍ය සේවකයින්ට ප්‍රවේශ විය නොහැකි අනාරක්ෂිත ප්‍රදේශ වල ඉබෝලා පැතිරීම වේගවත් වී ඇතැයි ද වාර්තා වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඉස්ලාම් සටන්කාමීන් පහර දීමෙන් කොංගෝවේ 22 ක් මරුට