ඉන්දියාවේ අලිගාර් මුස්ලිම් විශ්ව විද්‍යාලයේ සිසුන් සහ පොලිසිය අතර ඇති ගැටුමකින් සිසුන් 60කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
ඉරිදා (15) රාත්‍රියේ පොලිසිය සහ විශ්ව විද්‍යාලයේ සිසුන් අතර ගැටුමක් ඇති වී අතර පසුව පොලිසිය විශ්ව විද්‍යාලය තුළට ඇතුළු වී තිබේ. දෙපාර්ශවය අතර ඇති වූ ගැටුම්වලින් සිසුන් 60කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ජවහර්ලාල් නේරු වෛද්‍ය විද්‍යාලයේ ආරංචි මාර්ගවලින් කියැවිණි. ශිෂ්‍ය සංවිධානයේ සභාපති සල්මාන් ඉම්තියාස් ද රබර් උණ්ඩයක් වැදීමෙන් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මෙම සිදුවීමත් සමඟ ඊයේ (15) රාත්‍රියේම අන්තර්ජාල සේවා පැය 24ක් දක්වා නවතා දැමීමට දිස්ත්‍රික් පරිපාලනය පියවර ගෙන තිබිණි.
බැටන් පොලු ප්‍රහාරයකට ලක්වූ ජමියා මිල්ලියා විශ්ව විද්‍යාලයේ සිසුන්ට සහයෝගය පළ කිරීමේ අරමුණින් අලිගාර් මුස්ලිම් විශ්ව විද්‍යාලයේ සිසුන් රාත්‍රී 8.30ට පමණ විශ්ව විද්‍යාලයේ සර් සයිද් ගේට්ටුව අසළට පැමිණ තිබේ.
ශිෂ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව තිබියදී සිසුන් එලෙස හදිසියේම විරෝධතාව පළ කිරීමට පැමිණ තිබේ. පුරවැසි සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් මෙම සිසුහු දෙසැම්බර් 8 වැනිදා සිට සාමකාමීව විරෝධතාවල නිරත වූහ.
විශ්ව විද්‍යාල බලධාරීන් සිසුන් නැවැත්වීමට උත්සාහ ගත්ත ද එය අසාර්ථක වී තිබෙන අතර එම අවස්ථාවේදී නියෝජ්‍ය විනය පාලකවරයකු ද තුවාල ලබා ඇත. ඉන් ටික වේලාවකට පසු සිසුන් විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
“සිසුන් ඊට ප්‍රතිචාර දක්වමින් ලුණු සහ වතුර බාල්දි රැගෙන පැමිණියා” යැයි එක් සිසුවෙක් කීය. සිසුන් පොලිසිය දෙසට ගල්මුල් ප්‍රහාරයක් ද එල්ල කර ඇති අතර එම ප්‍රහාරවලින් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක් ද තුවාල ලැබූහ.
“පොලිසිය විශ්ව විද්‍යාලයට ඇතුළු වූ පසු සිසුන්ට බැටන් පොලුවලින් පහර දී ඔවුන්ගේ වාහනවලට ද හානි සිදු කර ඇතැයි” තවත් ආරංචි මාර්ගයකින් කියැවිණි.
පොලිසිය විශ්ව විද්‍යාලයේ සර් සයිද් සහ මොරිසන් යන ශාලාවලට ඇතුළු වී සිසුන්ට පහර දී ඇතැයි ද තවත් ශාලාවකට ගිනි තබා ඇතැයි ද වාර්තා වේ. ශාලාවට ගිනි තැබුවේ සිසුන් යැයි පොලිසිය චෝදනා කරන අතර ශාලාවට ගිනි තැබුවේ පොලිසිය යැයි සිසුහු චෝදනා කරති. සිදුවීම වන අවස්ථාවේදී විශ්ව විද්‍යාල බලධාරීන් කිසිවකු පෙනෙන්නට සිටියේ නැතැයි ද සිසුහු චෝදනා කරති.
විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා මෙතෙක් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර නොමැති අතර රෙජිට්‍රාර්වරයා මේ සම්බන්ධයෙන් අතින් ලියන ලද ලිපියක් යොමු කර තිබේ. මේ වනවිට විශ්ව විද්‍යාලය වසා දමා ඇත. මේ හේතුවෙන් සිසුන්ට පිටව යෑමට අවස්ථාවක් නැතැයි ද වාර්තා වේ.
සාමකාමී ලෙස සිසුන්ට ශිෂ්‍ය නේවාසිකාගාරවලට යෑමට අවස්ථාව සැලැසීමට දිස්ත්‍රික් පරිපාලනය සමඟ එක්ව පියවර ගන්නා බව විශ්ව විද්‍යාලයේ ප්‍රකාශක මහාචාර්ය ෂාෆී කිද්වායි පැවැසීය.
මේ අතර සාමය පවත්වාගෙන යන්නැයි උත්තර ප්‍රදේශ් මහ ඇමති යෝගී ආදිත්‍යනාත් ඉල්ලා සිටියේය. ඉන් අනතුරුව විශ්ව විද්‍යාලයේ සිදුවීම සමථයකට පත්කළ බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේය.
(ද හින්දු)
055



2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොලිස් නිලධාරීන් සමඟ ගැටුමකින් ඉන්දීය සරසවි සිසුන් 60කට තුවාල